Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

රාත්‍රී කාලයේ සීගිරිය නැරඹිය හැකි බව සඳහන් පුවත් අසත්‍යයි.

Misleading
Misleading

රාත්‍රී කාලයේදී සීගිරිය නැරඹීමට අවසර දී ඇතැයි සඳහන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම නිසා එහි පරිශීලකයින් මහත් කැළඹීමට ලක්ව තිබෙන බව FactSeeker ට නිරීක්ෂණය විය.

by Anonymous |

ජනවාරි 15, 2025

“සීගිරිය දැන් රෑටත් බලන්න යන්න පුළුවන්.”, “දැන්නම් සීගිරිය පිස්සුවක් වේවි.රෑට උඩට නැගලා තරු බලන්න පුළුවන් වේවි” ආදී වශයෙන් පෝස්ටු මෙසේ හුවමාරු වෙමින් පවතී.මේ අතර රාත්‍රියට සීගිරිය දිස්වන ආකාරය ලෙස සඳහන් කරමින් විදුලි පහන් දැල් වූ සීගිරියේ අනුරුවක් ද මෙලෙස හුවමාරු වෙමින් පැවැතිණි.

මෙම සටහන් සීග්‍රයෙන් සංසරණය වීම නිසා රාත්‍රී කාලයේදී සීගිරිය නැරඹීමට සංචාරකයින්ට අවසර දීමට තීරණය කර නැති බව සඳහන් කරමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ පිළිබඳව සීගිරිය රජමහා විහාරස්ථානයෙන් ද Factseeker කළ විමසීමකදී රාත්‍රී කාලයේ සීගිරිය දිස්වන ආකාරය යැයි දැක්වෙන ඡායාරූප ද අසත්‍ය බවට සදහන් කළේ ය. එමෙන්ම සුපුරුදු පරිදි දිනපතා පෙරවරු 4.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ පමණක් දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය නැරඹිය හැකි බව ද එහිදී ප්‍රකාශ කළේ ය.

මේ අනුව සීගිරිය රාත්‍රී කාලයේදී දිස්වන ආකාරය ලෙස නිරූපණය කරන ඡායාරූප සහ රාත්‍රී කාලයේදී සීගිරිය නැරඹීමට අවස්ථාව දී තිබෙන බව සඳහන් සියළු සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection