Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

රාත්‍රී කාලයේ සීගිරිය නැරඹිය හැකි බව සඳහන් පුවත් අසත්‍යයි.

Misleading
Misleading

රාත්‍රී කාලයේදී සීගිරිය නැරඹීමට අවසර දී ඇතැයි සඳහන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම නිසා එහි පරිශීලකයින් මහත් කැළඹීමට ලක්ව තිබෙන බව FactSeeker ට නිරීක්ෂණය විය.

by Anonymous |

ජනවාරි 15, 2025

“සීගිරිය දැන් රෑටත් බලන්න යන්න පුළුවන්.”, “දැන්නම් සීගිරිය පිස්සුවක් වේවි.රෑට උඩට නැගලා තරු බලන්න පුළුවන් වේවි” ආදී වශයෙන් පෝස්ටු මෙසේ හුවමාරු වෙමින් පවතී.මේ අතර රාත්‍රියට සීගිරිය දිස්වන ආකාරය ලෙස සඳහන් කරමින් විදුලි පහන් දැල් වූ සීගිරියේ අනුරුවක් ද මෙලෙස හුවමාරු වෙමින් පැවැතිණි.

මෙම සටහන් සීග්‍රයෙන් සංසරණය වීම නිසා රාත්‍රී කාලයේදී සීගිරිය නැරඹීමට සංචාරකයින්ට අවසර දීමට තීරණය කර නැති බව සඳහන් කරමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ පිළිබඳව සීගිරිය රජමහා විහාරස්ථානයෙන් ද Factseeker කළ විමසීමකදී රාත්‍රී කාලයේ සීගිරිය දිස්වන ආකාරය යැයි දැක්වෙන ඡායාරූප ද අසත්‍ය බවට සදහන් කළේ ය. එමෙන්ම සුපුරුදු පරිදි දිනපතා පෙරවරු 4.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ පමණක් දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය නැරඹිය හැකි බව ද එහිදී ප්‍රකාශ කළේ ය.

මේ අනුව සීගිරිය රාත්‍රී කාලයේදී දිස්වන ආකාරය ලෙස නිරූපණය කරන ඡායාරූප සහ රාත්‍රී කාලයේදී සීගිරිය නැරඹීමට අවස්ථාව දී තිබෙන බව සඳහන් සියළු සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

මිද්දෙණියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ

ජූලි 9, 2025

ටිල්වින් සිල්වා ආණ්ඩුව විවේචනය කරන වීඩියෝවක් ද?

ජූලි 4, 2025

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection