Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

රජය, ජනතාවට සූර්ය පැනල නොමිලේ දෙන්නේ නෑ. හුවමාරු වන පුවත් බොරු

False
False

රජයේ සූර්ය පැනල ප්‍රතිපත්තිය යටතේ ජනතාවට නොමිලේ සුර්ය පැනල බෙදා දෙන බව සදහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් හුවමාරු වන පෝස්ටු factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මැයි 27, 2024

“සුර්යපැනල නොමිලේ – සුර්යපැනල ප්‍රතිපත්තිය 2024 ලැයිස්තුව බලන්න” ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අතර මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට factseeker කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් පෝස්ටු පළකර ඇති සමාජ මාධ්‍ය ගිණුම් කිසිවක් රජයට සම්බන්ධ බවට නිල තහවුරු කිරීමක් කර ඇත්දැයි factseeker පළමුවෙන්ම සොයා බැලු අතර එම සමාජ මාධ්‍ය පිටු සහ වෙඩ් අවඩි රජයට සම්බන්ධ වෙඩ් අඩවි නොවන බව තහවුරු විය.

සුර්ය පැනල නොමිලේ ලබාදෙන බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය තුළ පළවී ඇත්දැයි පරීක්ෂා කළ අතර එවැනි පුවතක් වාර්තා කර නොමැති බව ද factseeker ට නීරක්ෂණය විය.

මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණයක් ගෙන තිබේදැයි factseeker සොයා බැලු අතර මීට වසර කිහිපයට පෙර පැවති යහපාලන ආණ්ඩු සමයේ ආසියානු සංවර්ධන බැංකුව යටතේ සුර්ය පැනල සඳහා ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු බව එහිදි අනාවරණය විය. එමෙන්ම ඉන්දීය රජයේ මුදල් ප්‍රධාන මත ආගමික ස්ථානවලට නොමිලේ සුර්ය පැනල බෙදාදීමට වත්මන් රජය තීරණයක් ගෙන ඇති බවද එහිදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් මෙන්ම ඒ යටතේ පවතින සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් ද factseeker විමසු අතර එම ආයතන දෙකම සඳහන් කළේ ජනතාවට නොමිලේ සුර්ය පැනල ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බවය.

ඒ අනුව “සුර්ය පැනල නොමිලේ – සුර්යපැනල ප්‍රතිපත්තිය 2024 ලැයිස්තුව බලන්න” ලෙස සඳහන් කරමින් හුවමාරු වන පෝස්ට් අසත්‍ය බව factseeker තහවුරු කරයි.

|

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection