Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මේ යාපනය විශ්ව විද්‍යලයේ නෙවෙයි.

Misleading
Misleading

දමිල ජනතාව උත්සවාකාරයෙන් සමරන තෛපොංගල් උත්සවය මෙවර යාපනය විශ්ව විද්‍යාලයේ සැමරූ බව කියවෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරුවෙමින් පවතී.

by Anonymous |

ජනවාරි 29, 2024

විශ්ව විද්‍යාල සිසුන් සහ සිසුවියන් කිහිපදෙනෙකු දමිල ගීතයක් ගායනා කරන ආකාරය දැක්වෙන මෙ‌ම විඩියෝවක Jaffna Campus ලෙස සටහන් කරමින් හුවමාරු කර ගෙන තිබිණි. මෙය සැබැවින්ම යාපනයේ විශ්ව විද්‍යාලයේ පැවැත්වු උත්සවයක අවස්ථාවක් දැයි සොයාබලන ලෙස factseekr වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබිණි. එබැවින් ඒ පිළිබඳව සොයාබැලීමට factseekr කටයුතු කළේය.

මෙම විඩියෝවේ පසුබිම දෙස විමසිලිමත්ව බැලුවිට එය යාපනයයේ විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලිවලට සමානතාවක් නොදක්වන අතර එහි ඇති ලාංඡනය පිළිබඳ අවධානය යොමුකළ විට එය මාළබේ SLIIT ආයතනයේ ලාංජනයට සමාන බවක් පෙනෙන්නට තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ තෛපොංගල් සැමරීමේදී මෙවැනි ආකාරයේ සිදුවීමක් වුයේ දැයි factseekr යාපනය විශ්ව විද්‍යාලයේ  ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් විමසු විට ඔවුන් පැවසුවේ, එවැන්නක් සිදු නොවු බවය.

පසුව මාළබේ SLIIT ආයතනයෙන් මේ පිළිබඳ විමසීමේදී ඔවුන් පැවසුවේ, තම විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් තෛපොංගල් උත්සවයේදී දමිල ජාතික ආරයට සැරසී පැමිණ දමිල ගී ගායනා කළ බවත් සමාජ මාධ්‍යයේ හුවමාරු වන්නේ එහි කොටසක් දැක්වෙන විඩියෝවක් බව ත් ඔවුන් පැහැදිලි කළේය.

එම වීඩියෝව මෙතැනින් – https://www.facebook.com/media/set/?vanity=sliit.fcmu&set=a.748337687340147

ඒ අනුව මෙය යාපනය විශ්ව විද්‍යාලයේ විඩියෝවක් නොවන බවත් මාළබේ SLIIT විශ්ව විද්‍යාලයේ දී ගත් ඡායාරූපයක් බවත්   factseekr තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection