Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මිය ගිය ඉල්යාස්ගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත්කළා ද ?

Misleading
Misleading

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමෙන් පසු අභාවප්‍රාප්ත වූ අයිඩෘස් මොහොමදු ඉල්යාස් ගේ නම ඡන්ද පත්‍රිකාවේ නොමැති බව සඳහන් කරමින් සිරස News 1st දමිළ වෙබ් අඩවියෙහි ප්‍රවෘත්තියක් පළ වී තිබුණි.

by Anonymous |

සැප්තැම්බර් 20, 2024

නාමයෝජනා බාර දීමෙන් පසු මොහු මිය යාම නිසා ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් කරන්නේ ද? යන්න පිළිබඳ කිතිකාවක් සමාජයේ නිර්මාණය වෙමින් පැවැතිණි. එම නිසා News 1st දමිළ වෙබ් අඩවියෙහි පළ කළ ප්‍රවෘත්තියෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ Factseeker සොයා බැලීය.

ඒ අනුව Factseeker  ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබූ නිල නිවේදනයන් පරික්ෂා කළේය. මැතිවරණ කොමිසමෙහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගේ  අත්සනින් යුතුව පසුගිය 17 වන දින සිංහල,දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින්  මේ සම්බන්ධයෙන්  මාධ්‍ය නිවේදන නිකුත් කර තිබුණි.

එහි සිංහල හා දමිළ මාධ්‍යයෙන් නිකුත් කර තිබූ නිවේදනවල සඳහන් වූයේ,  ඡන්ද පත්‍රිකාවේ අයිඩෘස් මොහොමදු ඉල්යාස් ගේ නම ඇතුළත් වුවද එය ඉවත් වූවා සේ සලකන බව සහ ඒ අනුව ඔහුට ඡන්දය ප්‍රකාශ කළහොත් එය අවලංගු ඡන්දයක් ලෙස සලකන බවයි.

නමුත් එහි ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කර තිබූ  නිවේදනයේ සඳහන් වන්නේ ඉවත් කිරීමට අදහස් කරගෙන සිටින බවයි. ඒ අනුව News 1st  ප්‍රවෘත්තිය සඳහා පාදක කරගෙන ඇත්තේ අදාල නිවේදනය බව Factseeker නිරීක්ෂණය කරගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගෙන් විමසිමේදී ඔහු සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන ලද්දේ අයිඩෘස් මොහොමදු ඉල්යාස් මරණයට පත්වීමට පෙර වීම නිසා ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවේ ඇතුළත් වන බවයි. එසේ වුව ද යම් ලෙසකින් ඔහුට ඡන්දය ප්‍රකාශ කර තිබුණහොත් එම ඡන්දය අවලංගු ඡන්දයක් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

එසේම මේ සම්බන්ධයෙන් ඔවුන් අතින් සිදු ව තිබූ අත්වැරදීම ඒ මහතා පිළිගනු ලැබූ අතර හැකි ඉක්මනින් එය නිවැරදි කරන බවද  සඳහන් කළේය.

අයිඩෘස් මොහොමදු ඉල්යාස් සම්බන්ධව පැවති මෙම ගැටලුව සම්බන්ධයෙන් Factseeker මීට පෙර කරුණු සොයාබලා නිරවුල් පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

එම සබැඳිය මෙතැනින් – https://shorturl.at/9QsUX

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection