Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මිය ගිය ඉල්යාස්ගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත්කළා ද ?

Misleading
Misleading

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමෙන් පසු අභාවප්‍රාප්ත වූ අයිඩෘස් මොහොමදු ඉල්යාස් ගේ නම ඡන්ද පත්‍රිකාවේ නොමැති බව සඳහන් කරමින් සිරස News 1st දමිළ වෙබ් අඩවියෙහි ප්‍රවෘත්තියක් පළ වී තිබුණි.

by Anonymous |

සැප්තැම්බර් 20, 2024

නාමයෝජනා බාර දීමෙන් පසු මොහු මිය යාම නිසා ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් කරන්නේ ද? යන්න පිළිබඳ කිතිකාවක් සමාජයේ නිර්මාණය වෙමින් පැවැතිණි. එම නිසා News 1st දමිළ වෙබ් අඩවියෙහි පළ කළ ප්‍රවෘත්තියෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ Factseeker සොයා බැලීය.

ඒ අනුව Factseeker  ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබූ නිල නිවේදනයන් පරික්ෂා කළේය. මැතිවරණ කොමිසමෙහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගේ  අත්සනින් යුතුව පසුගිය 17 වන දින සිංහල,දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින්  මේ සම්බන්ධයෙන්  මාධ්‍ය නිවේදන නිකුත් කර තිබුණි.

එහි සිංහල හා දමිළ මාධ්‍යයෙන් නිකුත් කර තිබූ නිවේදනවල සඳහන් වූයේ,  ඡන්ද පත්‍රිකාවේ අයිඩෘස් මොහොමදු ඉල්යාස් ගේ නම ඇතුළත් වුවද එය ඉවත් වූවා සේ සලකන බව සහ ඒ අනුව ඔහුට ඡන්දය ප්‍රකාශ කළහොත් එය අවලංගු ඡන්දයක් ලෙස සලකන බවයි.

නමුත් එහි ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කර තිබූ  නිවේදනයේ සඳහන් වන්නේ ඉවත් කිරීමට අදහස් කරගෙන සිටින බවයි. ඒ අනුව News 1st  ප්‍රවෘත්තිය සඳහා පාදක කරගෙන ඇත්තේ අදාල නිවේදනය බව Factseeker නිරීක්ෂණය කරගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගෙන් විමසිමේදී ඔහු සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන ලද්දේ අයිඩෘස් මොහොමදු ඉල්යාස් මරණයට පත්වීමට පෙර වීම නිසා ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවේ ඇතුළත් වන බවයි. එසේ වුව ද යම් ලෙසකින් ඔහුට ඡන්දය ප්‍රකාශ කර තිබුණහොත් එම ඡන්දය අවලංගු ඡන්දයක් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

එසේම මේ සම්බන්ධයෙන් ඔවුන් අතින් සිදු ව තිබූ අත්වැරදීම ඒ මහතා පිළිගනු ලැබූ අතර හැකි ඉක්මනින් එය නිවැරදි කරන බවද  සඳහන් කළේය.

අයිඩෘස් මොහොමදු ඉල්යාස් සම්බන්ධව පැවති මෙම ගැටලුව සම්බන්ධයෙන් Factseeker මීට පෙර කරුණු සොයාබලා නිරවුල් පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

එම සබැඳිය මෙතැනින් – https://shorturl.at/9QsUX

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection