Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මැතිවරණයට පෙර ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම වරදක්

Factual
Factual

මෙවර මහ මැතිවරණයට අදාළ බව සඳහන් කරමින් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් හුවමාරු වෙමින් පවතී. මෙය එක් එක් දේශපාලන පක්ෂවල නම් සඳහන් කරමින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන ලෙස දක්වමින් එය හුවමාරු වෙමින් පවතින බව Factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

නොවැම්බර් 12, 2024

මෙලෙස ඡන්ද පත්‍රිකා ප්‍රචාරණය කිරීම නීත්‍යනූකූල දැයි Factseeker විමසා බැලීය.

ඒ අනුව ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ඡන්ද පත්‍රිකාව ප්‍රසිද්ධ කිරීම නොකළ යුතු බවත් එසේ කිරීම මැතිවරණ වරදක් බවටත් 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන ) පනතේ දක්වා තිබේ.

හුවමාරු වන මෙම ඡන්ද පත්‍රිකාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවක් ද යන්න පිළිබඳව Factseeker මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතාගෙන් කළ විමසීමක් කළේ ය. ඔහු පැවසුයේ එය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවක් බව යි.

තැපැල් ඡන්දය අවසන් විමෙන් පසුව මෙලෙස  තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත්ය.

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගැනීම හෝ එය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ අනුව අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත යොමුකළ පාර්ශව සහ ඒවා හුමවාරු කරන පාර්ශව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළ්ය.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection