Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මාන්කුලම්හිදී සුනඛයෙකු ඝාතනය කළේ, සමථ මණ්ඩල තීන්දුවකින් ද?

Misleading
Misleading

මුලතිව්, මාන්කුලම් ප්‍රදේශයේ කාන්තාවක් සමථ මණ්ඩල තීන්දුවකට අනුව සුනඛයෙකු ඝාතනය කළ සිදුවීමක් පසුගිය දිනවල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබිණි.

by Anonymous |

ජනවාරි 30, 2025

මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය හරහා ද වේගයෙන් සංසරණය වූ පුවතක් විය.

සමථ මණ්ඩල තීන්දුවකට අනුව සුනඛයෙකු ඝාතනය කිරීමට හැකිද? යන්න පිළිබඳව FactSeeker ට ඇති වූ සැකය හේතුවෙන් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීය.

මාන්කුලම් ප්‍රදේශයේ සුරතලයට ඇති කරන සුනඛයෙකු අසල්වැසි නිවසක එළුවන් සපා කෑමේ සිද්ධියක් මෙයට හේතු වී ඇත. මේ හේතුවෙන් මෙම නිවැසියන් අතර නිතර අඩ දබර ඇති වී ඇති අතර එළුවන් ඇති කරන කාන්තාව මාන්කුලම් පොලීසියට පැමිණිලි කර ඇත. පොලීසිය මෙය විසඳීම සඳහා මාන්කුලම් නගර සභාවට අයත් සමථ මණ්ඩලයට යොමු කර ඇත.

මෙම සමථ මණ්ඩල තීරණය සම්බන්ධයෙන් විවිධ සත්ව හිංසනය පිටුදැකීමේ සංවිධාන විසින්  ලිපි මඟින් ඊට අප්‍රසාදය පලකර ඇති ආකාරය ද FactSeeker ට නිරීක්ෂණය විය.

එම ලිපිවල ද සඳහන් වූයේ ද  සමථ මණ්ඩලය විසින් මෙම සුනඛයා එල්ලා මැරීමට තීරණයක් දී ඇති බවයි.

ඒ පිළිබඳ විද්‍යුත් මාධ්‍ය හි සටහන් වූ අයුරු –

https://www.facebook.com/share/v/1GeSFKbxKk/

එසේම මේ සම්බන්ධව පසුගිය 28 වන දින අරුණ පුවත්පත ද වාර්තා කර තිබුණි.

එහි සඳහන් කර තිබුණේ, මේ සම්බන්ධව සමථ මණ්ඩලයට යොමු කෙරුණු නමුත් එහිදී විසඳුමක් ලැබී නොමැති බවයි.

පසුව ඉකුත් 29 වන දින අරුණ පුවත්පතේ මේ සමබන්ධව නැවත ප්‍රවෘත්තියක් පල කර  තිබූ අතර එහි දක්වා තිබුණේ වගඋත්තරකාරියට සමථ මණ්ඩලය නියෝග කළ වන්දි මුදල ගෙවීමට නොහැකි නිසා සුනඛයාව පැමිණිලිකාර කාන්තාවට ලබා දෙන ලෙස නියෝග කර ඇති බවත් ඒ අනුව සුනඛයා රැගෙන ගොස් ඇති බවත් ය .

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ප්‍රකාශයක් ද  නිකුත් කර තිබුණි.

සුනඛයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ව කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.

එය මෙතැනින් – https://www.facebook.com/share/v/1AAWEXvhwr/

මේ සම්බන්ධයෙන් FactSeeker මාන්කුලම් පොලීසියෙන් කළ විම්සීමේදී ප්‍රකාශ කළේ ,මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමථ මණ්ඩල නියෝගයක් ඇති නමුත් එහිදී නියෝග කර ඇත්තේ වන්දි මුදලක් ගෙවීමට බවයි. එය නොහැකි බව සුනඛයාගේ හිමිකාරිය පවසා ඇති අතර එසේ නම් සුනඛයා එළුවන් හිමි කාන්තාවට භාර දෙන ලෙස නියෝග කර ඇත.

ඒ අනුව එළුවන් හිමි කාන්තාව විසින් සුනඛයා රැගෙන ගොස් ඝාතනය කර ඇත. මේ පිළිබඳ තවදුරටත් මාන්කුලම් පොලීසිය විසින් විමර්ෂන කෙරෙන බවත් වැඩිදුරටත් අනාවරණය විය .

මේ අනුව මෙම පෝස්ටුවල සඳහන් පරිදි මෙය සමථ මණ්ඩලයකින් ලබා දුන් නියෝගයක් අනුව සිදුකරන ලද ඝාතනයක් නොවන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection