මහින්ද දේශප්‍රිය මෙහෙම කිව්වා ද?

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සෘජුවම දේශපාලන ප්‍රකාශයක් කළ බවට සදහන් කරමින් වූ ජායාරූපයක් සහිතව මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන පෝස්ටුවක් Factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
ජනවාරි 22, 2024
“තව කල්ප ගානකට කෙලවගන්න ඕනෙ නම් මේකට ගහපන් ” යනුවෙන් සඳහන් කරමින් ජාතික ජනබලවේගයේ ලාංජනය ඇතුළත් කර සකස් කරන ලද පෝස්ටුවක් එලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී. විශේෂයෙන් ට්විටර් (X) සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙය හුවමාරුවෙමින් පවතී.
මෙම පෝස්ටුව වැඩි දෙනෙකු සත්‍ය බව පිළිගෙන සිය අදහස් හුවමාරු කර තිබෙන බව Factseeker නිරීක්ෂණය කළේ ය.
ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට Factseeker කටයුතු කළෙමු.
ඇත්ත ඡායාරූපය කුමක්ද?
මෙම ඡායාරූපය 2019 වසරේ පැවති ජනාධිපතිවරණ කාල සීමාවේදී ගත් ඡායාරූපයකි. එම ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාව දිගින් ඉතා වැඩි පත්‍රිකාවකි. එය මුද්‍රණය කර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට භාර දුන් අවස්ථාවේ එහි දිග පෙන්වන අවස්ථාවේදී ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගත් ඡායාරූපය මෙලෙස සංස්කරණය කර ඇති බව factseeker කළ සොයා බැලීමේදී අනාවාරණය විය.
මේ සම්බන්ධයෙන් factseeker මහින්ද දේශප්‍රිය මහතාගෙන් ද විමසු අතර ඔහු පැවසුවේ, මේ ආකාරයෙන් තමාගේ ඡායාරූප සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව ය. එසේම අදාළ දේශපාලන පක්ෂයේ පත්‍රිකාවක් අතැතිව එවැනි ප්‍රකාශයක් නොකළ බව ද හෙතෙම පැවැසීය.
ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන මහින්ද දේශප්‍රිය මහතා සිටින ඡායාරූපය 2019 වසරේදී ලබාගත් ඡායාරූපයක සංස්කරණය කළ ඡායාරූපයක් බව factseeker තහවුරු කරයි.