Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

බීමතින් ගිය මන්ත්‍රීවරයෙක් සුපිරි රිය පාර්ලිමේන්තුවේ පොකුණට පෙරලා ගත්තාද?

Misleading
Misleading

“බීමතින් ගිය මාලිමාවේ මන්ත්‍රී සුපිරි රිය පාර්ලිමේන්තුවේ පොකුණට පෙරලා ගනියි. රණවිරුවෝ මහ වැස්සේ තෙමි තෙමී වාහනය ගොඩගනියි” යනුවෙන් සඳහන් කරමින් විඩියෝවන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන බැවින් මෙහි සත්‍ය අසත්‍ය බව සොයාබැලිමට FactSeeker කටයුතු කළේය.

by Anonymous |

දෙසැම්බර් 2, 2024

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ අයපහත් කාලගුණය පැවති පසුගිය 26 දා (2024-11-26දා) මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත් ජාතික ජනබල වේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ මෝටර්රථය මෙලස පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොකුණට වැටී අනතුරට ලක්ව ඇති බවත්ය. අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා රථය තුළ නොසිටි බවද බීමතිනි සිටි බවට තෝරතුරු වාර්තාවී නොමැති බවද එම අංශය සඳහන් කළේය. මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ අයවැය පවතින සමයක මෙවැනි අයහපත් කාලගුණ තත්වයකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් ද මෙලස පොකුණට වැටි තිබෙන බවද සන්නිවේදන අංශය පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් නිහාල් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී ද හෙතෙම පැවසුයේ අදාළ අවස්ථාවේ තමන් එහි නොසිටි බවත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා හදිසියේ ඇති වූ දුමාර තත්ත්වයක් හේතුවෙන් මාර්ග නොපෙනී යාමෙන් අනතුර සිදුවු බව රියැදුරා ප්‍රකාශ කළ බවත් හෙතම පැවසීය. බීමතින් සිටි බවට පැතිරෙන කතා අසත්‍ය බවත් එය ප්‍රතික්ශේප කරන බවත් හෙතම පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ද වාර්තා කර තිබු අතර එහි සබැදිය පහතින් දැක්වේ.

“බීමතින් ගිය මාලිමාවේ මන්ත්‍රී සුපිරි රිය පාර්ලිමෙන්තුවේ පොකුණට පෙරලා ගනියි” යනුවෙන් හුමවාරුවන ප්‍රවෘත්තිය අර්ථය වෙනස්කර ඇති බවත් අදාළ අවස්ථාවේ මන්ත්‍රීවරයෙකු එම රථය තුළ සිට නොමැති බවත් මේ අනුව පැහැදිලි වේ.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection