Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

බීමතින් ගිය මන්ත්‍රීවරයෙක් සුපිරි රිය පාර්ලිමේන්තුවේ පොකුණට පෙරලා ගත්තාද?

Misleading
Misleading

“බීමතින් ගිය මාලිමාවේ මන්ත්‍රී සුපිරි රිය පාර්ලිමේන්තුවේ පොකුණට පෙරලා ගනියි. රණවිරුවෝ මහ වැස්සේ තෙමි තෙමී වාහනය ගොඩගනියි” යනුවෙන් සඳහන් කරමින් විඩියෝවන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන බැවින් මෙහි සත්‍ය අසත්‍ය බව සොයාබැලිමට FactSeeker කටයුතු කළේය.

by Anonymous |

දෙසැම්බර් 2, 2024

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ අයපහත් කාලගුණය පැවති පසුගිය 26 දා (2024-11-26දා) මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත් ජාතික ජනබල වේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ මෝටර්රථය මෙලස පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොකුණට වැටී අනතුරට ලක්ව ඇති බවත්ය. අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා රථය තුළ නොසිටි බවද බීමතිනි සිටි බවට තෝරතුරු වාර්තාවී නොමැති බවද එම අංශය සඳහන් කළේය. මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ අයවැය පවතින සමයක මෙවැනි අයහපත් කාලගුණ තත්වයකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් ද මෙලස පොකුණට වැටි තිබෙන බවද සන්නිවේදන අංශය පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් නිහාල් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී ද හෙතෙම පැවසුයේ අදාළ අවස්ථාවේ තමන් එහි නොසිටි බවත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා හදිසියේ ඇති වූ දුමාර තත්ත්වයක් හේතුවෙන් මාර්ග නොපෙනී යාමෙන් අනතුර සිදුවු බව රියැදුරා ප්‍රකාශ කළ බවත් හෙතම පැවසීය. බීමතින් සිටි බවට පැතිරෙන කතා අසත්‍ය බවත් එය ප්‍රතික්ශේප කරන බවත් හෙතම පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ද වාර්තා කර තිබු අතර එහි සබැදිය පහතින් දැක්වේ.

“බීමතින් ගිය මාලිමාවේ මන්ත්‍රී සුපිරි රිය පාර්ලිමෙන්තුවේ පොකුණට පෙරලා ගනියි” යනුවෙන් හුමවාරුවන ප්‍රවෘත්තිය අර්ථය වෙනස්කර ඇති බවත් අදාළ අවස්ථාවේ මන්ත්‍රීවරයෙකු එම රථය තුළ සිට නොමැති බවත් මේ අනුව පැහැදිලි වේ.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection