Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

පොසොන් පොහෝ දා රන්වැලි සෑය අභියස හිමි නමක් සෘද්ධි වූවා ද?

Misleading
Misleading

රුවන්වැලි සෑය ළගදී භාවනානුයෝගී ස්වාමීන්වහන්සේ නමක් සෘද්ධි බලයෙන් අහසේ පලක් බැද සිටින අයුරු යනුවෙන් සඳහන් වන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජූනි 24, 2024

පොසොන් පොහොය දිනයේදී මෙය සිදුවු බව ද එම විඩියෝව සමග සඳහන් කර තිබේ. මෙය සත්‍ය සිදුවීමක් ලෙස විශ්වාස කරමින් බොහෝ දෙනා හුවමාරු කර ගන්නා බැවින් මේ පිළිබඳව factseeker සොයාබැලීය.

පොසොන් පොහොය දින හෝ ඒ ආසන්න කාලයේදී රුවන්වැලි සෑය ළගදී භාවනානුයෝගී ස්වාමීන්වහන්සේ නමක් සෘද්ධි බලයෙන් අහසේ පලක් බැද වැඩ සිටින සිදුවීමක් සිදු වූවා ද? යන්න සම්බන්ධයෙන් රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානාධිපති හිමියන්ගෙන් සහ රුවන්වැලි සෑය භාරව සිටින පොලිස් කාර්ය මණ්ඩලයෙන් විමසීමක් කළ අතර එවැනි සිදුවීමක් වාර්තා නොවු බව එම පාර්ශව සඳහන් කළහ.

මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇද්දැයි සොයාබැලීමේදී ප්‍රධාන මාධ්‍ය ද එවැන්නක් වාර්තා කර නොමැති බව අනාවරණය විය.

‌මෙම විඩියෝව සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයාබැලීමේ දී අනාවරණය වුයේ මෙය නිර්මාණය කරන ලද්දක් බවයි. මෙය නිරමාණය කර ඇත්තේ, චන්දි රණවීර නැමති අයෙක් විසින් වන අතර මේ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙවැනි අදහසකි. .

“මේක 3D + VFX වලින් කරපු creation එකක්. AI එකක් නෙවෙයි. මමත් බෞද්ධයෙක්, මට ආපු අදහසක් අනුව නිර්මාණය කරපු එකක්. කිසිම කෙනෙක් මේක බලලා හිත රිද්දගන්න එපා. This is just a creation. Don’t take it serious.”

නමුත් සමාජ මාධ්‍ය තුළ මෙය දැක තිබු පුද්ගලයින් මෙය සත්‍ය සිදුවීමක් බවට නොමග ගොස් තිබුණි. ඒ අනුව රුවන්වැලි සෑය අසල භාවනානුයෝගී ස්වාමීන්වහන්සේ නමක් සෘද්ධි බලයෙන් අහසේ පලක් බැද සිටින අයුරු ලෙස සඳහන් වෙමින් හුවමාරු වන විඩියෝව නිර්මාණයක් බව factseeker සඳහන් කරයි

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection