Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

Misleading
Misleading

මෙම වසර අවසානයේදී පොලිස් සේවයේ යෙදී සිටින 20 000 ක ප්‍රමාණයක් විශ්‍රාම යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් පිළිබදව FactSeeker අවධානය ායාමු කළේය.

by Anonymous |

නොවැම්බර් 24, 2025

මෙම වසරේදී විසිදහසක් පොලිස් සේවයෙන් විශ්‍රාම යන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඉකුත් 18 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
1987,88,89,90,91 සහ 1992 වසරවලදී පොලිස් සේවයට බැඳුනු විසිදහසක් පොලිස් සේවයෙන් විශ්‍රාම යන බවත් ඊට සාපේක්ෂව පොලිස් සේවයට බඳවා ගැනීමක් සිදු නොවන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.


මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳව ඉකුත් 18 දා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ පිළිබඳ ප්‍රකාශ කළේ ය.

https://www.youtube.com/live/DvPz9mhKRtk?si=Az9Q2Vf-JI52tmN2&t=25423
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පොලිස් සේවයේ බඳවා ගැනීම් සහ විශ්‍රාම යාම් පිළිබඳව කළ අනාවරණය පිළිබඳව Factseeker කරුණු පරීක්ෂා කළේ ය.
ඒ අනුව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාගේ මාධ්‍ය ඒකකයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසුවෙමු.

එහිදී 2025 වසරේ සිට 2030 වසර දක්වා වූ ඉදිරි වසර පහ තුළ පොලිස් සේවයෙන් සහ විශේෂ කාර්ය බලක‍ායෙන් විශ්‍රාම යාම් පිළිබඳ සංඛ්‍යාලේඛන ලබා ගත හැකි විය.
එම සංඛ්‍යාලේඛනවලට අනුව ඉදිරි වසර පහ තුළ පොලිස් සේවයෙන් විශ්‍රාම යන මුළු සංඛ්‍යාව 15 223 ක් වන අතර විශේෂ කාර්ය බලකායෙන් විශ්‍රාම යන සංඛ්‍යාව 463 ක් බව සටහන් වී තිබිණි.

පොලිස් ආරක්ෂක සහායක සිට පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කාන්තා නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දක්වා විශ්‍රාම යන සංඛ්‍යාව එම ලේඛනයේ සඳහන් වේ. ඒ අනුව 2025 වසරේදී 2635 ක් ද 2026 වසරේදී 2098 ක් ද පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට නියමිත ය.


එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ 2025 වසරේදී 72 ක් විශ්‍රාම යන අතර 2026 වසරේදී එම සංඛ්‍යාව 45 කි.
ඒ අනුව මේ වසරේ සහ ලබන වසරේ 20 000 ක් පොලිස් සේවයෙන් විශ්‍රාම යන බව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බව Factseeker තහවුරු කරයි.

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

ත්‍රිකුණාමලයේ සිදුවිම සම්බන්ධයෙන් සජිත් ,දයාසිරි , නලීන් පාර්ලිමේන්තුවේදී පවසන කරුණු නොමග යවන සුලුයි.

නොවැම්බර් 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection