Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ප්‍රභාකරන්ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කේක් කපා සැමරූ බව කියන ඡායාරූපවල ඇත්ත කතාව

Misleading
Misleading

LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කේක් කපා එය සමරා ඇති බව දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය විය.

by Anonymous |

නොවැම්බර් 30, 2024

මෙහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker තීරණය කළේය.

එම පෝස්ටු බොහොමයක් Tamil Guardian වෙබ් අඩවියට අදාළ X පිටුවේ 2024-11-26 දින පළ කළ X පණිවුඩයක තිරරුවක් යොදා ගනිමින් සකස් කර තිබුණි. එමෙන්ම අදාළ තිරරුවෙහි Tamil Guardian වෙබ් අඩවිය වෙත පිවිසෙන සබැඳියක් ද පෙන්නුම් කෙරිණි.

මේ ඔස්සේ සිදු කළ සොයා බැලීමේදී අප වෙත නිරීක්ෂණය වුණේ අදාළ X පෝස්ටුව එම ගිණුමෙන් ඉවත් කර ඇති බවයි. කෙසේ නමුත් මූලපද ඔස්සේ Google සෙවුම් යන්ත්‍රය යොදාගෙන පරීක්ෂා කිරීමේදී ඊට අදාළ ලිපියක් මීට දින කිහිපයකට පෙර Tamil Guardian වෙබ් අඩවියේ පළ කර ඇති අයුරු සිඟිතිරූ (Thumbnails) සහිතව නිරීක්ෂණය කළ හැකි විය.

කෙසේ වෙතත් එම සබැඳියෙන් පිවිසෙන ලිපිය වෙබ් අඩවියෙන් ද ඉවත් කර තිබිණි.

ඉහත X පණිවිඩයේ මූලපද සමග Google පිරික්සීමේදී මීට අදාළ වෙනත් X පණිවිඩයක් අපගේ අවධානයට යොමු විය. එමගින් දැක්වුණේ, “එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් කැම්පස් පිටියේ කේක් කැපීමේ උත්සවයක් සංවිධානය කර උපහාර දැක්වීය.” යනුවෙනි.

එහි දැක්වුණු ඡායාරූප Google Lens යොදා ගනිමින් Reverse Image Search කිරීමේදී අපට නිරීක්ෂණය වූයේ LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 64 වන උපන්දිනය වෙනුවෙන් 2018 වසරේදී මෙම සැමරුම් සිදු කර ඇති බවයි. ඒ පිළිබඳව දැක්වෙන වාර්තා පෙළක් පහතින්.

https://www.bbc.com/tamil/sri-lanka-46340668

https://sundaytimes.lk/online/news-online/jaffna-university-students-mark-prabhakarans-birthday/2-1056048

https://www.tamilarul.net/2018/11/jaffna-university.html

https://jaffnazone.com/news/6749

https://www.facebook.com/274286272733315/posts/1089849124510355/

ඒ අනුව, සමාජ මාධ්‍ය සටහන්වල හුවමාරු වන LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 70 වන උපන්දිනය සමරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් මෑතකදී කේක් කපා ඇති බව දැක්වෙන ඡායාරූප නොමගයවනසුලු ඒවා බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection