Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

Misleading
Misleading

විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් පසුගිය මාස 6ට හෝ 7ට අදාළව සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක ආදායමක් උපයා ඇති බවට සිදු කළ ප්‍රකාශය නොමගයවනුසුලු බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

අගෝස්තු 6, 2025

නුවරඑළියේ ඓතිහාසික සීතා අම්මාන් කෝවිලේ නව භාවනා මධ්‍යස්ථානයක් විවෘත කිරීම පසුගිය 03 වනදා විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් සංචාරක කර්මාන්තයේ ඉපයීම් පිළිබඳ සිදු කරන ලද ප්‍රකාශයක් වෙත සමාජ මාධ්‍යවල අවධානය යොමු වී තිබිණ.

එවැනි වීඩියෝවක් මෙතැනින්.
https://x.com/canusanka/status/1952564448851636226

විදේශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ විද්‍යුත් නාලිකා සිය පුවත් විකාශයන් ඔස්සේ ද ප්‍රචාරය කර තිබිණි.
https://youtu.be/hcevXUR1UAM
https://youtu.be/4veIdxdfsCM

එහිදී සංචාරක කර්මාන්තය පිළිබඳව අමාත්‍යවරයා ඉදිරිපත් කළ දත්ත මෙසේය.

“දැනටමත් මිලියන 1.3 ක සංචාරකයන් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් ඉන්නෙ ඉන්දියාවෙන් ආපු අය. අපි ආදායම විදිහට පහුගිය මාස 6 ට ඩොලර් බිලියන 3.7 ක් අපි උපයලා තියෙනවා. (මාස 7 ට) We have earned 3.7 billion for the last 6 month from tourism industry. Then we can earn another 3.7 billion dollars during next 6 month.”

ඉහත වීඩියෝව සත්‍ය වීඩියෝවක් බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රකාශයේ ඇතුළත් කරුණුවල සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික වාර්තා පරීක්ෂා කිරීමේදී මෙම වසරේ ජුනි මස තෙක් සංචාරකයින් මිලියන 1.3 ක් මෙරට සංචාරය කර ඇති බවත්, ඉන් වැඩිම සංචාරකයින් ප්‍රතිශතයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් අපට නිරීක්ෂණය විය. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන එම දත්තය නිවැරදි බව FactSeeker වෙත සනාථ විය.

ශ්‍රී ලංකාව 2025 වසරේ මුල් මාස 6/7 ක කාලයට අදාළව සංචාරක කර්මාන්තයෙන් ලබා ඇති ඉපයීම් සම්බන්ධව FactSeeker සොයා බැලීය.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ (External Sector) දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6 කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයීම් ලෙස ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,712.6 ක් හෙවත් බිලියන 1.7 ක් පමණක් බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරක ඉපැයීම් පිළිබඳ දත්ත එකතුව මෙතැනින්.
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/sheets/table2.14.1_20250731_e.xlsx

මේ දක්වා පසුගිය ජුලි මාසයට අදාළව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ සංචාරක කර්මාන්තයේ ඉපයීම් පිළිබඳව නිල දත්ත වාර්තා ඉදිරිපත් කර නොමැත.

කෙසේ වෙතත් විදේශ අමාත්‍යවරයා සඳහන් කරන සංඛ්‍යාව සහ ජුනි මාසයට අදාළ නිල සංඛ්‍යාලේඛන අතර අමෙරිකානු ඩොලර් බිලියන 2 ක වෙනසක් පවතින බව FactSeeker නිරීක්ෂණය කළේය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ මහ බැංකු වාර්තාවල ඇතුළත් දත්ත ජුනි මාසය දක්වා පමණක් අදාළ වන බවයි. එම වාර්තාවලට අනුව ජුනි මාසය වන විට සංචාරක කර්මාන්තයේ ඉපයීම් ඩොලර් බිලියන 1.7 ක් බව ඔහු පැවසීය. අමාත්‍ය විජිත හේරත් සඳහන් කරන සංඛ්‍යාව සහ එම නිල සංඛ්‍යාලේඛන අතර විශාල පරස්පරයක් පවතින බවත්, ජුලි මාසයට එතරම් විශාල ආදායමක් ලැබෙනු ඇතැයි තමා නොසිතන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙතැනින්.
https://youtu.be/UF6GO3FnGwI

මේ අතර ඊයේ (05) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු වශයෙන්, සංචාරක කර්මාන්තයට අදාළව 2024 සහ 2025 වසරවල පළමු මාස 6 ට අදාළ ඉපයීම් හෙලිදරව් කළේය. එහිදී ඔහු විසින් අමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක ආදායමක් සංචාරක ඉපැයීම් ලබා ඇති බව තහවුරු කළේය.

ඊට අමතරව විදේශ අමාත්‍ය විජිත හේරත්ගේ අමාත්‍යාංශ විෂය පථයට අයත් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පිළිබඳව ද ඔහු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ අතර එම දත්ත අනුව “විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ” ලෙස 2025 වර්ෂයේ පළමු මාස 6 ට එනම්, මුල් කාර්තු 2 ට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක් ලැබී ඇත.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කරුණු පැහැදිලි කිරීම මෙතැනින්.
https://www.youtube.com/live/Jjz3C5zG5mo?feature=shared&t=3935

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන මගින් ද එම දත්ත තහවුරු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පිළිබඳ දත්ත එකතුව මෙතැනින්.
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/sheets/table2.14.2_20250731_e.xlsx

අමාත්‍ය විජිත හේරත්, සිය ෆේස්බුක් පිටුවේ එම නිවැරදි දත්ත ඇතුළත් පළකිරීමක් යොදා ඇති බව ද FactSeeker නිරීක්ෂණය කළේය. එය මෙතැනින්.
https://www.facebook.com/share/p/16h6jh9VrK/

ඒ අනුව, විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් පසුගිය මාස 6ට හෝ 7ට අදාළව සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක ආදායමක් උපයා ඇති බවට සිදු කළ ප්‍රකාශය නොමගයවනසුලු බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

#misleading

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

#false

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

#false

ඇල්ල බස් රථ අනතුරේ ලෙසින් පලකළ ඡායාරූපය AI නිර්මාණයකි.

සැප්තැම්බර් 9, 2025

Related Content

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

මිද්දෙණියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ

ජූලි 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection