Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

නිවෙස්වලට පැමිණ ඒඩ්ස් බෝ කරන කතාව බොරු

False
False

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නොමිලේ රුධිරය පරීක්ෂා කිරීමේ මුවාවෙන් නිවෙස්වලට පැමිණ ඒඩ්ස් වෛරසය බෝකරන බැවින් ප්‍රවේශම් වන ලෙස අවධාරණය කරන හඩපටයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පැවැතිණි.

by Anonymous |

මැයි 27, 2024

“මේක අහල කට්ටියට යවන්න” යනුවෙන් මෙම හුවමාරු වූ පණිවුඩයේ සදහන් වී තිබිණි.

මෙම හඩපටය ලැබුණු ඇතැමුන් බියගැන්වී තිබු අතර බොහෝ දෙනෙක් එය වට්ස්ඇප් ඔස්සේ සමීපතයින්ට සමග හුවමාරු කර ගෙන තිබූ නිසා factseeker මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබද සොයා බැලීය.

මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල වාර්තා කර තිබේද? යන්න පිළිබදව factseeker නිරීක්ෂණය කළ අතර ප්‍රධාන මාධ්‍ය එවැන්නක් වාර්තා කර නොතිබුණි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති ද යන්න පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ එවැනි පැමිණිලි ලැබී  නොමැති බවයි. එමෙන්ම කාලයෙන් කාලයට ජනතාව කුපිත කරන මෙවැනි ව්‍යාජ පණිඩුඩ හුවමාරු වන බැවින් මේ සම්බන්ධයෙන් සැලිකිමත් වන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාාංශය සඳහන් කළේය.

ඒ අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන “මේක අහල කට්ටියට යවන්න…” යනුවෙන් සඳහන් හඩ පටයේ සඳහන් කරුණු සත්‍ය නොවන බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

සැප්තැම්බර් 26, 2025

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර AI නිර්මාණයක්

අගෝස්තු 14, 2025

ජැකී චෑන්ග් මිය ගිය බවට පළ වන පුවත් අසත්‍යයි!

අගෝස්තු 5, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection