Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

නිවසේ සිට ආදායමක් උපයා ගැනීමට රජයෙන් රැකියා අවස්ථා ලබාදී තිබෙනවාද?

False
False

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සහායක සහායිකාවන් බදවා ගන්නා බව සඳහන් කරමින් රාජ්‍ය ලාංඡනය සහිත ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රෙයන් හුවාමරු වෙමින් පවතී.

by Anonymous |

අප්‍රේල් 26, 2024

බැලූ බැල්මට රජය මගින් නිකුත් කර ඇති ලිපියක් ලෙසින් මෙය දකින්නට ඇති අතර බොහෝ පිරිසක් මේ සඳහා ප්‍රතිචාර දක්වා තිබෙන බැවින් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව factseeker සොයා බැලීය.

රාජ්‍ය ලාංඡනය සම්බන්ධ මෙම ලිපිය දෙස සැලකිල්ලෙන් බැලුවිට එය සංස්කරණය කර ඇති බව පැහැදිලි විය. FotoForensics , Forensically මගින් ඒ පිළිබඳ සොයා බැලීමේදී ද එය තහවුරු විය. මෙහි වයස් සීමාවන් සහ දුරකතන අංක ඒ ආකාරයෙන් සඳහන් කර තිබේ.

එමෙන්ම රජය යම්කිසි නිවේදනයක් නිකුත් කරන්නේ නම්, එය නිකුත් කරන ආයතනය හෝ අමාත්‍යාංශය , දිනය , තොරතුරු ලබාගත හැකි දුරකතන අංක ආදී තොරතුරු සහිතව නිවේදන නිකුත්කරන අතර මෙහි ඒ කිසිවක් සඳහන් නොවන බව පැහැදිලි වෙයි.

මේ ආකාරයට රැකියා අවස්ථා ලබා දෙන බවට රජය විසින් නිවේදනය කර ඇත්දැයි රජයේ ප්‍රධාන ප්‍රවත් මුලාශ්‍ර සොයා බැලු අතර කැබිනට් නිවේදන සහ අති විශේෂ ගැසට් නිවේදන පරීක්ෂා කර බැලූවද එවැනි නිවේදනයක් නිකුත් කර නොතිබුණි.

වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා මේ පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමේදී එවැනි රැකියා වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බව සඳහන් කළේය.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සහායක සහායිකාවන් බදවා ගන්නා බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමරු වන  රාජ්‍ය ලාංඡනය සහිත ලිපිය ව්‍යාජ එකක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection