Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහට සුරාබදු බලපත්‍රයක් තිබෙනවා ද?

Misleading
Misleading

කර්මාන්ත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට 2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රයක් හිමිව ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා පෝස්ට් සීග්‍රයෙන් හුවමාරු විය.

by Anonymous |

දෙසැම්බර් 10, 2024

මෙය කිසියම් නාම ලේඛයකින් උපුටා දක්වමින් හුවමාරු වී තිබිණි. මෙහි සත්‍ය අසත්‍යතාවය සොයාබැලීමට factseeker කටයුතු කළේය.

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු අමාත්‍ය බිමල් රත්නායක විසින් පසුගිය  දෙසැම්බර් 04 දා පාර්ලිමේන්තුවේ සභාගත කළේය. එය පසුගිය රජය විසින් ලබා දුන් බලපත්‍ර වන අතර එහි සම්පුර්ණ ලයිස්තුව පහතින් දැක්වේ.

මෙම ලයිස්තුවේ කොටසක් උපුටා ගනිමින් අදාළ පෝස්ටුව නිර්මාණය කර ඇති අතර එහි අන්තර්ගත වී ඇති ආකාරයට සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අදාළව අබේසිංහගේ දොන් රුවන් චතුරංග අබේසිංහ වෙත සුරාබදු බලපත්‍ර ලබාදී ඇති බවට සටහනක් ඇතුළත් කර තිබේ.

“බාර් ලයිසන් ලැයිස්තුව එළියට එන්න පරක්කු වුණේ ඒකයි එහෙමනම්” ලෙස සදහන් කරමින් චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ද සහිතව මෙම පෝස්ටු හුවාමරු වෙයි.

බිමල් රත්නායක විසින් සභාගත කරන ලද සුරාබදු බලපත්‍රවල සම්පුර්ණ ලැයිස්තුව  factseeker  පිරික්සු අතර එහි සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය යටෙත් අදාළ නම සඳහන්ව ඇති බව නිරීක්ෂණය විය. මෙය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ නමද නැතිනම් වෙනත් අයෙකුගේද යන්න පිළිඳව තහවුරු කරගැනීමට factseeker පියවර ගත්තේ ය.

වර්තමානයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ චතුරංග අබේසිංහ, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු අතර මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය පරීක්ෂාකර බැලීමේදී ඔහුගේ නම සඳහන් වන්නේ චතුරංග අබේසිංහ යනුවෙනි. එහි අබේසිංහගේ දොන් රුවන් චතුරංග අබේසිංහ යනුවෙන් සඳහන් නොවේ. චතුරංග අබේසිංහගේ පියා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වු අතර ඔහුගේ නම අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, නිහාල් අබේසිංහ යනුවෙනි.

 

එම ගැසට් නිවේදනය

http://documents.gov.lk/files/egz/2024/11/2410-07_S.pdf

 

ජාතික ජන බලවේගයේ ලේකම් ධුරය ද නිහාල් අබේසිංහ හොබවන අතර ජනාධිපතිවරණයේදී ඇපමුදල් තැන්පත් කළ නාමලේඛනයේ සහ පක්ෂයේ නිලධාරී මණ්ඩල නාමලේඛනයේ  ඔහුගේ නම සඳහන් වන්නේ මුදියන්සේලාගේ රාජා නිහාල් අබේසිංහ නමිනි.

https://elections.gov.lk/web/wp-content/uploads/media-release/MR_18_E.pdf

https://elections.gov.lk/web/wp

http://content/uploads/pdf/pol_party_list/Officers/31_13.pdf

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් factseeker කළ විමසීමේදී හෙතෙම පැවසුයේ අදාළ ලැයිස්තුවේ චතුරංග අබේසිංහ නම සහිත පුද්ගලයෙක් සිටින බවත් එය තමා නොවන බවත්ය. එලෙස සඳහන්ව ඇත්තේ වෙනත් පුද්ගලයෙකු වන අතර පැතිරයන පුවත අසත්‍ය පුවතක් බවත් චතුරංග අබේසිංහ ප්‍රකාශ කළේය.

එමෙන්ම පසුගිය පළාත් පාළන මැතිවරණය සඳහා කෝට්ටේ නගර සභාවට තරඟ කරන ලැයිස්තුව සිය ෆේස්බුක් ගිණූමේ සඳහන් කර තිබු අතර එහිදී ඔහුගේ නම මුදියන්සේලාගේ චතුරංග අබේසිංහ ලෙස සඳහන් කර තිබේ.

මෙම සියලු කරුණු නිරික්ෂණය කිරිමේදී සුරාබදු බලපත්‍ර ලබාදී ඇති බව සඳහන් කරමින් පැතිර යන  පොස්ට්වල සඳහන් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ නම නොවන බව පැහැදිලි වේ.

එමෙන්ම අදාළ ලයිස්තුවේ සඳහන් වන දොන් රුවන් චතුරංග අබේසිංහ යන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීමේදී එහු රත්නපුර පුදේශයේ මත්පැන් අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක් බව තහවුරු විය.

ඒ අනුව මත්පැන් බලපත් ලබාගත් පුද්ගලයා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ බව සඳහන් කරමින් හුවමාරු වන පෝස්ට් අසත්‍ය බව factseeker තහවුරු කරයි.

 

 

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection