Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

නිදහස් සැමරුම් උළෙලේ වියදම කෝටි 37 ක් ද?

මෙවර නිදහස් උළෙල සම්බන්ධයෙන් මීට සති කිහිපයක සිට සමාජ මාධ්‍ය ජාලවල විවිධ පුවත් පළ විණි. මේ අතර නිදහස් දිනයේ වියදම් සම්බන්ධයෙන් පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

පෙබරවාරි 3, 2024

“නිදහසේ වියදම කෝටි 37 යි” යනුවෙන් සඳහන් කරමින් පුවත්පතක පළ වූ මේ ප්‍රවෘත්තිය සත්‍ය ද? යන්න පිළිබදව factseeker සොයාබැලීය.

මෙහිදී සඳහන් වන්නේ හසිත විජේවර්ධන නම් ‘දෙරණ’ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියා පළකර ඇති බවට සඳහන් පොස්ටුවක් බැවින් factseeker විසින් එම මාධ්‍යවේදියාගේ සමාජ මාධ්‍ය ගිණුම් නිරීක්ෂණය කළ අතර මේ දිනවල එවැනි පොස්ටුවක් පළකර ඇති බවට නිරීක්ෂණය නොවුනි.

හුවමාරු වන පුවත්පත ‘අරුණ’ පුවත්පතට සමානතාවක් දක්වන බැවින් එහි මෙවැන්නක් පළවී ඇති ද? යන්න පිළිබද ව සොයා බැලු අතර මෑත දිනයකදී එවැන්නක් පළවී නොමැති බව තහවුරු විය.

මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ වියදම් ප්‍රකාශයට පත්කර ඇති ද යන්න සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමේදී ඔවුන් සඳහන් කළේ, නිල වශයෙන් මෙතෙක් වියදම් ප්‍රකාශයට පත්කර නොමැති බවය.

මේ සම්බන්ධයෙන් හසිත විජේවර්ධන මාධ්‍යවේදියාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ අදාළ පොස්ටුව තමා 2023 වසරේ පළකරන ලද්දක් බව ය.

කෙසේ වෙතත් එම පොස්ටුව මෙවර නිදහස් දිනය පදනම් කරගමින් හුවමාරු වන පෝස්ටුවක් නොවන බව factseeker තහවුරු කරයි++

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection