Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

නිදහස් සැමරුම් උළෙලේ වියදම කෝටි 37 ක් ද?

මෙවර නිදහස් උළෙල සම්බන්ධයෙන් මීට සති කිහිපයක සිට සමාජ මාධ්‍ය ජාලවල විවිධ පුවත් පළ විණි. මේ අතර නිදහස් දිනයේ වියදම් සම්බන්ධයෙන් පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

පෙබරවාරි 3, 2024

“නිදහසේ වියදම කෝටි 37 යි” යනුවෙන් සඳහන් කරමින් පුවත්පතක පළ වූ මේ ප්‍රවෘත්තිය සත්‍ය ද? යන්න පිළිබදව factseeker සොයාබැලීය.

මෙහිදී සඳහන් වන්නේ හසිත විජේවර්ධන නම් ‘දෙරණ’ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියා පළකර ඇති බවට සඳහන් පොස්ටුවක් බැවින් factseeker විසින් එම මාධ්‍යවේදියාගේ සමාජ මාධ්‍ය ගිණුම් නිරීක්ෂණය කළ අතර මේ දිනවල එවැනි පොස්ටුවක් පළකර ඇති බවට නිරීක්ෂණය නොවුනි.

හුවමාරු වන පුවත්පත ‘අරුණ’ පුවත්පතට සමානතාවක් දක්වන බැවින් එහි මෙවැන්නක් පළවී ඇති ද? යන්න පිළිබද ව සොයා බැලු අතර මෑත දිනයකදී එවැන්නක් පළවී නොමැති බව තහවුරු විය.

මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ වියදම් ප්‍රකාශයට පත්කර ඇති ද යන්න සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමේදී ඔවුන් සඳහන් කළේ, නිල වශයෙන් මෙතෙක් වියදම් ප්‍රකාශයට පත්කර නොමැති බවය.

මේ සම්බන්ධයෙන් හසිත විජේවර්ධන මාධ්‍යවේදියාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ අදාළ පොස්ටුව තමා 2023 වසරේ පළකරන ලද්දක් බව ය.

කෙසේ වෙතත් එම පොස්ටුව මෙවර නිදහස් දිනය පදනම් කරගමින් හුවමාරු වන පෝස්ටුවක් නොවන බව factseeker තහවුරු කරයි++

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection