Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

False
False

පුරවැසියන්ට ඉතා ඉක්මනින් මුදල් උපයාගත හැකි ක්‍රමවේදයක් පිළිබදව අග්‍රාමාත්‍යවරිය පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

ඔක්තෝබර් 22, 2025

සාමාන්‍ය පුරවසියන්ට ඉක්මනින් මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක් පවතින්නේ යැයි අගමැති හරිනි අමරසූරිය කළ බව පෙනෙන ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී.

වට්ස්ඇප් මාධ්‍ය හරහා ද එසේ විඩියෝ හුවමාරු වෙමින් පවතින අතර ඒවා තුළ සඳහන් වන්නේ පරිශීලකයින්ට දිනකට රු. 150,000 දක්වා මුදලක් උපයා ගත හැකි බව කියැවෙන පණිවිඩයකි.

එම වීඩියෝව මෙතැනින්: https://www.facebook.com/61575339390692/posts/24984869637776057/?mibextid=rS40aB7S9Ucbxw6v

මෙම වීඩියෝව ඉතා හොදින් නිරීක්ෂණය කර බැලීමේදී එහි අගමැතිනියගේ කටහඬ ස්වභාවික නොවන බවක් සහ වචන උච්චාරණය ඇයගේ සාමාන්‍ය උච්චාරණයට වඩා වෙනස් බවත් නිරීක්ෂණය කළ හැකි විය.
ඒ අනුව අගමැති හරිනි අමරසූරිය මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් සිදු කර තිබේ දැයි වැඩිදුරටත් අන්තර්ජාලයේ පරීක්ෂාකළ විට මීට වසර දෙකකට පෙර කිරණ TV යූටියුබ් නාලිකාවේ පළ වී තිබූ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් අපට හමු විය.

එම වීඩියෝව මෙතැනින්: https://www.youtube.com/watch?v=njcmLKnKW9g
කිරණ TV යූටියුබ් නාලිකාවේ අගමැතිනියගේ සාකච්ඡාව සිංහල භාෂාවෙන් කරන අතර, එහිදී ඇය ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති, ඉදිරි කටයුතු, අධ්‍යාපනය සහ දේශපාලනය පිළිබඳ අදහස් සහ පාර්ලිමේන්තු සභිකයින් පත්කිරීම් සම්බන්ධයෙන් ඇයගේ අදහස් ඉදිරිපත් කරයි. ඒ අනුව වට්ස්ඇප් මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝව මෙම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගෙන AI තාක්ෂණය ඔස්සේ කටහඬ, භාෂාව සහ අදහස විකෘති කර පළ කරන ලද බවට කරුණු තහවුරු කරගත හැකි විය.

මේ ආකාරයෙන් ම අගමැති හරිනි පෙනී සිටින තවත් වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරය FactSeeker ට නිරීක්ෂණය විය.

එම වීඩියෝව මෙතැනින්: https://archive.org/details/vid-20251021-wa-0025
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එය ඩේලි මිරර් පුවත්පතේ සාමාජ මාධ්‍ය වේදිකාවක පළ වූවක් බවයි. ඒ අනුව මෙම වීඩියෝව ඩේලිමිරර් (Daily Mirror) වෙබ් අඩවියේ හෝ, ඩේලිමිරර් සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළ කර තිබේදැයි නිරීක්ෂණය කළ ද එවැනි පළකිරීම් කිසිවක් ඩේලිමිරර් සමාජ මාධ්‍ය තුළ පළ වී නොමැති බව තහවුරු විය.


මේ අනුව අන්තර්ජාලයේ හරිනි අමරසූරියගේ සම්මුඛ සාකච්ඡා පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී මෙම වීඩියෝව සකස් කිරීමට යොදාගත් සත්‍ය වීඩියෝව අපට හමු විය.
එම වීඩියෝව මෙතැනින්: https://youtu.be/MeGPxv-RjeU?si=e7zjLlq72w2IuQZQ

එනම් Conversation with Alanki නම් යූටියුබ් නාලිකාවේ අලංකී නම් නිවේදිකාව, අගමැතිනිය සමඟ පසුගිය වසරේ පෙබරවාරි මස කරන ලද සාකච්ඡාවක කොටසක් උපුටාගෙන එහි හඬ සහ මුඛයේ ඉරියව් පමණක් කෘත්‍රීමව වෙනස් කරමින් ඉහත වීඩියෝව AI ඔස්සේ සකස් කර ඇති බව FactSeeker විසින් තහවුරු කරගන්නා ලදී.


එමෙන්ම මේ සමබන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ද විමසීමක් කළ අතර එහිදී ඔවුහු ද මෙම සියලු ප්‍රකාශ ඇතුළත් විඩියෝ පට අසත්‍ය බව අවධාරණය කළහ.

ඒ අනුව නව ආදායම් මාර්ගයකින් ඉක්මනින් මුදල් උපයා ගැනීමට හැකි බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල AI තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කරන ලද වංචනික මූල්‍ය ප්‍රවර්ධන උපක්‍රම කිහිපයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection