Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ලක්ෂ 12කට Vitz වර්ගයේ මෝටර් රථ ලබා දෙන බව නලීන් හේවගේ කිව්වා ද?

Misleading
Misleading

මේ දිනවල "හැම පවුලකටම Vitz මෝටර් රථයක් ලක්ෂ දොළහකට ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා..!" යනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ විසින් ප්‍රකාශයක් සිදු කළේ යැයි දක්වමින් සමාජ මාධ්‍ය පෝස්ට් වේගයෙන් සංසරණය වෙමින් පවතී.

by Anonymous |

නොවැම්බර් 6, 2024

මේ සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුණු Factseeker නලින් හේවගේ මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව වෙත අවධානය යොමු කළේ ය.

එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/o20Z8pWHnOI

එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ , අවුරුදු 10ක් යන විට සෑම නිවසකටම වාහනයක් ගත හැකි ආර්ථිකයක් සකස් කරන බවයි. එම ප්‍රකාශය තුළ Vitz වර්ගයේ මෝටර් රථයක් ගත හැකි වන ආකාරයේ ආර්ථිකයක් නිර්මාණය කරන බව සඳහන් කර නැත. ඒ අනුව එම ප්‍රකාශයේ අදහස විකෘති කර පුද්ගලයින් නොමග යවන ආකාරයන් සමාජ මාධ්‍ය පළ කිරීම් සිදු කර ඇති බව FactSeeker ට හඳුනා ගැනීමට හැකි විය.

එසේම ජපානයේ ටොයෝටා වර්ගයේ වාහනවල විකුණුම් පහත වැටීම වැනි හේතු නිසා එම සමාගම විසින් 2019 සිට Vitz වර්ගයේ වාහන නිෂ්පාදනය කිරීම නවතා තිබේ.

මේ සම්බන්ධයෙන් අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නිශාන්ත ඒ. වීරසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු පැවැසුවේ, 2019 වසරෙන් පසු ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීමට සීමා පැනවීම හේතුවෙන් Vitz මෝටර් රථ ද නොගෙන්වූ බවයි.

මේ අනුව, හැම පවුලකටම Vitz මෝටර් රථයක් ලක්ෂ දොළහකට ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා..!” යනුවෙන් නලින් හේවගේ ප්‍රකාශ කළේයැයි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පෝස්ට් නොමඟ යවන සුළු සටහන් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection