නදීක ගුරුගේ ගේ බිරිඳ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වුණේ ඇයි?
මෙරට සංගීත අධ්‍යක්ෂකවරයෙකු ගීත රචකයෙකු වන නදීක ගුරුගේ ගේ බිරිඳ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් වූ ආන්දෝලනාත්මක පුවත් රාශියක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
ඔක්තෝබර් 28, 2024
“මාලිමා ආණ්ඩුවට බරපතල චෝදනාවක්.සුදුසු නිලධාරීන් සිටියදී නදීකගේ බිරිඳ සමුළුවට යවලා.” , ” NPP වේදිකාවේ ගීත ගැයූ නදීක ගුරුගේ නම් ගායකයාගේ බිරිඳට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කිරීමට තිබෙන සුදුසුකම් මොනවාද?” ආදී වශයෙන් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙමින් තිබිණි.
එවැනි පළකිරීම් කිහිපයක් පහතින්.
https://www.facebook.com/share/p/uxTQXqX9xFg7Y1JE/
https://www.facebook.com/share/p/13BhbfEtLqhhS4ve/
මේ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඉකුත් 22 දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ද අදහස් දකවා තිබිණි. මේ අවස්ථාව වන විට සීමිත අමාත්‍යවරු සංඛ්‍යාවක් සිටින නිසාත් මැතිවරණ කාලයක් නිසාත් ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍යවරු මෙම සමුළුවට සහභාගී නොවන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගි වන බව ද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ ය.
එම සබැඳිය මෙතැනින් – https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FDepartmentOfGovernmentInformation%2Fvideos%2F1608510343066195%2F&show_text=false&width=560&t=225
නදීක ගුරුගේගේ බිරිඳ මෙම සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් Factseeker විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසීමක් කළේ ය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ මූලිකත්වය බ්‍රිතාන්‍යට හිමි වන බැවින් මෙම සමුළුවට සහභාගී වීමට වඩාත්ම සුදුසු පිරිස වන්නේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාල නියෝජිතයින් බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ ය. එම නිසා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වන මනෝරි මල්ලිකාරච්චි මහත්මිය මීට සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කළේය.
මනෝරි මල්ලිකාරච්චි මහත්මිය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස පත්වී වසර දෙකක් පමණ වන බවත් ඊට පෙර රාජතාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස වසර විස්සකට වැඩි කාලයක් සේවයේ නියුතු අයෙකු බවත් එහිදී අනාවරණය විය.
මීට අමතරව මනෝරි මල්ලිකාරච්චි මහත්මියගේ ලින්ක්ඩින් ගිණුමේ ද ඇගේ වෘත්තීමය තොරතුරු පිළිබඳව සඳහන් කර තිබුණේ මෙලෙසින්,
https://www.linkedin.com/in/manorie-mallikaratchy-9934361a/
ඒ අනුව මනොරි මල්ලිකාරච්චි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වුණේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරිය නිසා බව Factseeker තහවුරු කරයි.