Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

දේවාලයක පොල් ගසන වීඩියෝව ලංකාවේ සිදු වූවක් නොවේ

Misleading
Misleading

දේවාලයක් අසල පොල් ගොඩක් මැදිකර ගත් පුද්ගලෙයකු බිම වාඩි වී නොනවත්වා පොල් ගසන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ජනවාරි 16, 2024

එය ශ්‍රී ලංකාවේ දේවාලයක වූ සිද්ධියක් ලෙස බොහෝ දෙනා දක්වමින් බොහෝ දෙනෙකු විසින් හුමවාරු කර ගෙන තිබේ.

මෙය ෆේස්බුක් , ඉන්ස්ටග්‍රෑම් , ටික්ටොක් මෙන්ම x සමාජ මාධ්‍ය ජාලය ඔස්සේද හුවමාරු වී තිබිණි.

“ දෙයියොත් කොර ඒ පොල් ගහන ගැහිල්ලට” ලෙස සඳහන්ව තිබෙන මෙම විඩියෝව සැබැවින්ම ශ්‍රී ලංකාවේ සිදුවුවක් ද යන්න පිළිබඳව factseeker සොයාබැලීය.

මෙය පළකර ඇති පුද්ගලයින් මේ සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් සදහන් කර නැත.

මෙම විඩියෝව සම්බන්ධයෙන් factseeker තවදුරටත් සොයා බැලීමේදී එය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිදුවුවක් බව අනාවරණය විය.

ඉන්දියාවේ අදහන දෙවියකු වන වෙට්ටක්කෝරුමක් දෙවියන් (Lord Vettakkorumakan) උදෙසා කරන ලද පුජාවක විඩියෝවක් බව ඒ අනුව තහවුරු විය.

වෙට්ටක්කෝරුමකන් පත්තුව (Vettakkorumakan Pattu) යනු වෙට්ටක්කෝරුමකන් දෙවියන් සතුටු කිරීම සඳහා සිදුකරන විශේෂ චාරිත්‍රයකි. පන්තීරයිරම් තේංගයේරු (පොල් ගෙඩි 12000ක් අඛණ්ඩව රිද්මයානුකූලව කැඩීම) යනු වෙට්ටක්කරන් පත්තුව වෙනුවෙන් සිදුකරනු ලබන සුවිශේෂී උත්සවයකි.

මෙම චාරිත්‍රයේදී පොල් ගෙඩි 12000ක් පමණ සහෘදයෙකු විසින් එකින් එක කඩා “චෙන්දා මේලම්” (-දෙවි දේවතාවුන් ආයාචනා කිරීම සඳහා වන සම්ප්‍රදායික වාදනය) තාලයට සහ පහරවල් වලට අනුව කඩා දමනු ලැබේ.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ සිදුවුවක් නොවන බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection