Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

දේවාලයක පොල් ගසන වීඩියෝව ලංකාවේ සිදු වූවක් නොවේ

Misleading
Misleading

දේවාලයක් අසල පොල් ගොඩක් මැදිකර ගත් පුද්ගලෙයකු බිම වාඩි වී නොනවත්වා පොල් ගසන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ජනවාරි 16, 2024

එය ශ්‍රී ලංකාවේ දේවාලයක වූ සිද්ධියක් ලෙස බොහෝ දෙනා දක්වමින් බොහෝ දෙනෙකු විසින් හුමවාරු කර ගෙන තිබේ.

මෙය ෆේස්බුක් , ඉන්ස්ටග්‍රෑම් , ටික්ටොක් මෙන්ම x සමාජ මාධ්‍ය ජාලය ඔස්සේද හුවමාරු වී තිබිණි.

“ දෙයියොත් කොර ඒ පොල් ගහන ගැහිල්ලට” ලෙස සඳහන්ව තිබෙන මෙම විඩියෝව සැබැවින්ම ශ්‍රී ලංකාවේ සිදුවුවක් ද යන්න පිළිබඳව factseeker සොයාබැලීය.

මෙය පළකර ඇති පුද්ගලයින් මේ සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් සදහන් කර නැත.

මෙම විඩියෝව සම්බන්ධයෙන් factseeker තවදුරටත් සොයා බැලීමේදී එය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිදුවුවක් බව අනාවරණය විය.

ඉන්දියාවේ අදහන දෙවියකු වන වෙට්ටක්කෝරුමක් දෙවියන් (Lord Vettakkorumakan) උදෙසා කරන ලද පුජාවක විඩියෝවක් බව ඒ අනුව තහවුරු විය.

වෙට්ටක්කෝරුමකන් පත්තුව (Vettakkorumakan Pattu) යනු වෙට්ටක්කෝරුමකන් දෙවියන් සතුටු කිරීම සඳහා සිදුකරන විශේෂ චාරිත්‍රයකි. පන්තීරයිරම් තේංගයේරු (පොල් ගෙඩි 12000ක් අඛණ්ඩව රිද්මයානුකූලව කැඩීම) යනු වෙට්ටක්කරන් පත්තුව වෙනුවෙන් සිදුකරනු ලබන සුවිශේෂී උත්සවයකි.

මෙම චාරිත්‍රයේදී පොල් ගෙඩි 12000ක් පමණ සහෘදයෙකු විසින් එකින් එක කඩා “චෙන්දා මේලම්” (-දෙවි දේවතාවුන් ආයාචනා කිරීම සඳහා වන සම්ප්‍රදායික වාදනය) තාලයට සහ පහරවල් වලට අනුව කඩා දමනු ලැබේ.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ සිදුවුවක් නොවන බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection