Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

දෙහිවල සත්තු වත්තේ දිනුම් ඇදීමක් සිදු වෙනවාද?

False
False

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් ජීවිත කාලයටම ප්‍රවේශපත් ලබා දෙන බව පවසමින් ප්‍රචාරය කරන "ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය/Dehiwala Zoo" යන ෆේස්බුක් ගිණුම ව්‍යාජ බවත් එවැනි ප්‍රවේශපත් ලබා දීමක් සිදු නොවන බවත් FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූනි 25, 2025

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් ජීවිත කාලයටම ප්‍රවේශපතක් ලබා දෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන සටහනක් FactSeeker නිරීක්ෂණය කළේ ය.

මෙම පෝස්ටුව “ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය/Dehiwala Zoo” යන නමින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් ගිණුමක් හරහා සමාජගත කොට තිබුණි.

එහි සඳහන් අන්දමට පුද්ගලයින් පස්දෙනෙකු සඳහා මෙම ප්‍රවේශපත් පිරිනැමෙන අතර එම දිනුම් ඇදීම සඳහා එම පෝස්ටුවට “සුභ උපන්දිනයක්” යනුවෙන් අදහස් තීරුවේ සටහන් කළ යුතුය. බොහෝදෙනෙක් මීට එලෙසින්ම සටහන් තබා තිබුණි.

මේ සම්බන්ධයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳ ක්‍රියාකාරි අධ්‍යක්ෂ දුෂාන්ති ධම්මිකා දසනායකගෙන් FactSeeker කළ විම්සීමේදී එවැනි ප්‍රවේශපත්‍ර ලබාදීමක් සිදු නොවන බව සඳහන් කළාය.

එසේම මේ සමබන්ධයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හා දෙහිවල සත්වෝද්‍යානයේ නිල ෆේස්බුක් පිටුව හරහා දැනුම් දීමක් කර ඇති බව ද සඳහන් කළා ය. තවදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, මේ හරහා මූල්‍යමය වංචාවන් ද සිදුවන බැවින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් ජීවිත කාලයටම ප්‍රවේශපත් ලබා දෙන බව පවසමින් “ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය/Dehiwala Zoo” යන ෆේස්බුක් ගිණුම ව්‍යාජ බවත් එවැනි ප්‍රවේශපත් ලබා දීමක් සිදු නොවන බවත් FactSeeker තහවුරු කළේය.

 

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection