දිවියෙකු , සුනඛයෙකු පැහැර ගෙන යාමට උත්සාහ කිරීම මස්කෙළියේ වූවක් ද?
දිවියෙකු විසින් සුනඛයෙකු රැගෙන යාමට උත්සාහ කරන සිදුවීමක වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පමණක් නොව ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකාවක ප්රවෘත්ති විකාශයක් තුළ විකාශය කරන දර්ශනයක් factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
පෙබරවාරි 29, 2024
මෙය නුවරඑළිය , මස්කෙළිය ප්‍රදේශයේ වූ සිදුවීමක් වශයෙන් ප්‍රචාරය කර තිබිණි.
මෙය සැබවින්ම ශ්‍රී ලංකාවේ වූ සිදුවීමක් ද යන්න විමසා බලන ලෙස factseeker වෙත කළ ඉල්ලීමට අනුව අපි එය සොයා බැලුවෙමු.
මෙම විඩියෝවේ රූප රාමු ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සහ Invid ගූගල් සෙවුම වෙත යොමු කර සොයා බැලු අතර එහිදී එය ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය නිරීක්ෂණය විය.
එය ජනවාරි මස 20 වන දා තමිල් නාඩු ප්‍රාන්තයේ නීල්ගිරිස් දිස්ත්‍රික්කයේ කූනූර් යන කඳුකර ප්‍රදේශයේ නිවසක වු සිදුවීමක් බව ඉකුත් ජනවාරි මස 20 හා 23 අතර දිනවල ඉන්දීය මාධ්‍ය නාලිකාවල විකාශය කර ඇත.
එමෙන්ම මේ සම්බන්ධයෙන් මස්කෙළිය සහ නුවරඑළියේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ , කඳුකර කොටින් පිළිබඳව සිදුවීම් අසන්නට ලැබෙන බවත් එසේ වුව ද මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවත්ය.
ඒ අනුව මෙය ඉන්දියාවේ වූ සිදුවීමක් බවත් ශ්‍රී ලංකාවේ සිදු වුවක් නොවන බවත් factseeker තහවුරු කරයි