දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව දැඩි සුළං හේතුවෙන් කඩා වැටීමකට ලක්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිහිපයක් සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.
by Anonymous |
දෙසැම්බර් 17, 2025

පැවති දැඩි සුළං හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි ලෝක ප්‍රකට නිර්මාණයක් වන ලිබර්ටි ප්‍රතිමාව කඩා වැටී ඇති බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. සමාජ මාධ්‍ය පරිශීලකයින් එය අසත්‍ය පුවතක් බවට සදහන් කර තිබූ අතර ඇතැම්හු අදහස් දක්වා තිබුණේ, එවැනි සිදුවීමක් සිදුවී ඇති නමුත් එය නිව්යෝක් හි පිහිටි ලිබර්ටි ප්‍රතිමාව නොවන බවත්ය. මේ ආකාරයේ පරස්පර අදහස් මෙම සිදුවීම සම්බන්ධයෙන් පළවී තිබූ බැවින් එහි සත්‍යාසත්‍යව පිළිබඳව සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් නිකුත් කර ඇති මාධ්‍ය වාර්තා සොයා බැලීය. එහිදී NDTV NEWS WORLD පුවත් වෙබ් අඩවියේ මෙම සිදුවීම වාර්තා කර ඇති බව අනාවරණය විය. එහි දක්වා ඇති කරුණු අනුව අනාවරණය වූයේ, මෙය නිව්යෝක් නුවර පිහිටි ලිබර්ටි ප්‍රතිමාව නොවන බවයි. මෙලෙස කඩාවැටී ඇත්තේ බ්‍රසීලයේ ගුවායිහි පිහිටි අඩි 114 කින් යුත් ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි. පසුගිය 15 වනදා බ්‍රසීලයේ ගුවායි නගරය හරහා හමාගිය කුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ සුළං නිසා පස්වරු 3.00 ට පමණ මෙම කඩා වැටීම සිදු වී ඇත. සම්පූර්ණ ප්‍රතිමාවේ අඩි 36 ක පමණ වන පාදම නොවෙනස්ව පවතින අතර අඩි 78 ක පමණ ඉහළ කොටස පමණක් කඩා වැටී ඇත. ඉහත සඳහන් පුවත් වෙබ් අඩවියේ දක්වා ඇති තොරතුරු අනුව කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් බොහෝ ජාත්‍යන්තර වෙබ් අඩවි හරහා ද වාර්තා කොට තිබුණි.

මෙම කරුණු අනුව ලිබර්ටි ප්‍රතිමාව කඩා වැටී ඇති බව දක්වමින් සංසරණය වන ඡායාරූප සහ වීඩියෝ හි සදහන් වන්නේ නිව්යෝක් නගරයේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව නොවන බවත් බ්‍රසීලයේ ගුවායි හි පිහිටා ඇති ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවක් බව FactSeeker තහවුරු කරයි.