Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

දළදා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට ආරාධනාපත්‍ර නිකුත් කර නැහැ

False
False

ශ්‍රී දළදා දැක්මේ සමාරම්භක අවස්ථාව ඊයේ (18) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙහි සමාරම්භක උත්සවය සඳහා ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලදැයි දක්වමින් හුවමාරු වන ආරාධනා පත්‍රයක ඡායාරූපයක් පිළිබඳව FactSeeker අවධානයට යොමු විය.

by Anonymous |

අප්‍රේල් 19, 2025

එම ඡායාරූපයේ සඳහන් වූයේ , එය ජනාධිපතිවරයාගේ ආරාධනාවෙන් දන්ත ධාතුන් වහන්සේ දැක වැඳ පුදාගැනීමේ සමාරම්භක අවස්ථාව සඳහා කෙරෙන ඇරයුමක් බවයි. එහි තවදුරටත් සඳහන් වූයේ එම ආරාධනා පත්‍රය රැගෙන පෙරවරු 11.30ට පෙර මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසයි.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම ආරාධනා පත්‍රයට අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම ආරාධනා පත්‍රය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවත්, එවැනි ආරාධනා පත්‍රයක් කිසිවෙකුට නිකුත් කර නොමැති බවත්ය.

ජනාධිපති කාර්යාලය, ජනාධිපති මාධ්‍ය අංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදන මෙතැනින්, මෙතැනින් හා මෙතැනින්.

ආරාධනා පත්‍රයක් නිකුත් නොකළ ද අදාළ අවස්ථාවට සහභාගී වීම සඳහා නිල ආරාධනාවක් කළ යුතුව ඇති බැවින් අපි ඒ පිළිබඳව ද විමසා බැලීමු.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකුට හෝ දේශපාලනඥයෙකුට එම අවස්ථාව සඳහා ආරාධනා නොකළ බවත්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නිල වශයෙන් ආරාධනා කළ බවත්ය. එම ආරාධනා ලැබූ සියලු දෙනා විශේෂ දුම්රියකින් මහනුවරට කැඳවාගෙන ගොස් ආපසු කොළඹට කැඳවාගෙන පැමිණි බව ඔහු පැවසීය.

ඉහත කරුණු තිරස් පරීක්ෂාව සඳහා ආරාධනා පත්‍රයක් ලැබුණේද යන්න සම්බන්ධයෙන් අප විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර විපක්ෂ නායකවරයාට එවැනි නිල ආරාධනාවක් නොලැබුණු බව ඔවුන් තහවුරු කළහ.

තානාපති කාර්යාලවලින් අප මේ සම්බන්ධයෙන් විමසීමේදී එම පාර්ශ්ව තහවුරු කළේ නිල රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදය ඔස්සේ ආරාධනාව ලද බවත්, එවැනි ආරාධනා පත්‍රයක් නොලැබුණු බවත්ය.

මේ අනුව ඉහත ලිපිය ව්‍යාජ ලිපියක් බවට FactSeeker විසින් සනාථ කරයි.

තවද ඉහත ලිපිය පාදකව දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සටහන්වල සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

විශේෂ පෝලිම් සකස් කිරීම සම්බන්ධයෙන් අප ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සුභාෂ් ලියනගේගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, දළදා වහන්සේ වැඩම වීමේ නැකත යෙදී තිබුණේ පස්වරු 1.30 ට බවය.

එතැන් සිට පස්වරු 3.00 දක්වා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසට දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ අතර එය කිසිදු විශේෂ ප්‍රදර්ශනයක් නොවන බවත්ය. පස්වරු 3.00 ට පමණ මහජනතාව සඳහා දළදා ප්‍රදර්ශනය ඇරඹුණු බව ඔහු පැවසීය.

දළදා දැක්ම පිළිබඳ පූර්ව ප්‍රචාරණයන්හිදී ද නිවේදනය කර තිබුණේ 18 වෙනි දින දළදා දැක්ම ඇරඹෙන වේලාව පස්වරු 3.00 ලෙසයි.

දළදා දැක්ම සජීව විකාශයේදී අපට නිරීක්ෂණය වූයේ පස්වරු 1.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් සමාරම්භක අවස්ථාව ඇරඹුණු බවයි.

පස්වරු 1.55ට පමණ ජනාධිපතිවරයා දළදා මැදුරෙන් පිටතට පැමිණි අතර ඊට ආසන්න කාලවේලාවේදී මහජනතාව දළදා වන්දනාව සඳහා ප්‍රධාන පිවිසුමෙන් ඇතුළත් කර ගැනිණි.

දළදා දැක්ම සමාරම්භක අවස්ථාවේ සජීව විකාශය මෙතැනින්.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

තල්මසෙකු බේරාගන්නා බව දැක්වෙන AI වීඩියෝ නිර්මාණ කිහිපයක්!

ජූනි 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection