Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

දකුණු ඉන්දීය රංගන ශිල්පී තලපති විජේ, ජෝන් සීනා හමුව ඇස්බැන්දුමක්!

False
False

දකුණු ඉන්දීය නළුවකු සහ දකුණු ඉන්දියානු ප්‍රාදේශීය දේශපාලන පක්ෂයක් වන තමිලගා වෙට්‍රි කසාගම් (TVK - Tamilaga Vettri Kazhagam)හි නායක තලපති විජේ ඇමරිකානු මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා මුණගැසුණු බව පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. එම ඡායාරූප සංසරණය වන්නේ “මල්ලව පොර ක්‍රීඩක ජෝන් සීනා තමිලග වෙට්‍රි කසාගම් සමඟ එක්වෙයි” යන සඳහනක් ද සහිතව ය. මෙම පළකිරීමේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව FactSeeker කරුණු විමර්ශනය කළේය.

by Anonymous |

මාර්තු 6, 2025

අපගේ කරුණු විමර්ශනයේදී තලපති විජේ හෝ තමිල්ගා වෙට්‍රි කසාගම් පක්ෂය වෙතින් මෙවැනි හමුවීමක් පිළිබඳ කිසිදු නිල නිවේදනයක් හෝ තහවුරු කළ හැකි සමාජ මාධ්‍ය පළකිරීම් කිසිවක් හමු නොවීය. මීට අමතරව, ජෝන් සීනා තමිල්නාඩු වික්ටරි කසාගම් හා සම්බන්ධ වීම පිළිබඳව විශ්වාසදායක පුවත් මූලාශ්‍ර කිසිවක වාර්තා වී නොතිබිණි.

මෙම නිරීක්ෂණ තුළින් ඡායාරූපයේ විශ්වසනීයත්වය පිළිබඳ සැකයක් මතු කළ අතර ඒ ඔස්සේ මෙම ඡායාරූපය පිළිබඳ තවදුරටත් සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.

ඒ අනුව, Google Reverse Image භාවිතයෙන් මීට සමාන ඡායාරූප සෙවීමකින් කරුණු කිහිපයක් තහවුරු කර ගැනීමට හැකි විය. එනම්, පසුගිය වසරේ සැප්තැම්බර් 23 වන දින ගන්නා ලද මෙහි මුල් ඡායාරූපයෙහි, හයිද්‍රාබාද්හි පැවති WWE සුපර්ස්ටාර් ස්පෙක්ටකල් (Superstar Spectacle) උත්සවයේදී ජෝන් සීනා සමඟ දමිළ නළු කාර්ති පෙනී සිටින අයුරු දැක්වේ. කාර්ති ඒ වන විට ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල මීට අදාළ ඡායාරූප පළ කර තිබුණි.

ඒ අනුව මහජනයා නොමඟ යවමින් කාර්ති වෙනුවට තලපති විජේගේ රුව සහිතව එම ඡායාරූප සංස්කරණය  තිබෙන බව පැහැදිලි වේ.

ඒ අනුව ඉහත ඡායාරූපය, මුල් ඡායාරූපය සංස්කරණය කරමින් සකස් කර ඇති ව්‍යාජ එකක් බවත්, ජෝන් සීනා තමිලග වෙට්‍රි කසාගම් (TVK – Tamilaga Vettri Kazhagam) පක්ෂය සමඟ සම්බන්ධ වී ඇති බවට වන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් FactSeeker තහවුරු කරයි.

தமிழ்

|

ENGLISH

|

Latest updates

#false

Mr. Been මියගොස් ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

මැයි 30, 2025

#misleading

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

#misleading

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

#false

ආරුගම්බේ වෙරළේ බිකිනි ඇඳීමට තහනමක් නෑ

මැයි 27, 2025

Related Content

වයස 259ක පුද්ගලයෙකුගේ උපන්දින සැමරුම සහිත ඡායාරූපය AI නිර්මාණයක්!

මැයි 23, 2025

කොළඹ පුරපති ගැන එජාප ලිපිය ව්‍යාජයි

මැයි 21, 2025

ෆේස්බුක් පරිශීලකයින්ට වට්ස්ඇප් ඔස්සේ එන අවවාදාත්මක පණිවිඩ ව්‍යාජයි

මැයි 19, 2025

කම්කරු දෙපාර්තමේන්තුව, මෙරට බැංකු සහ වෙළඳ ජාලයන් එක්ව අර්ධකාලීන රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍යයි!

මැයි 9, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙළඳ ප්‍රචාරණ වීඩියෝ කිහිපයක්

මැයි 8, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection