Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

Misleading
Misleading

පසුගියදා පැවැත්වුණු දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව ලෙසින් වාර්තා අතරට එක්වන්නට සමත් වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වන බව නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 28, 2025

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගිය 26 වනදා අවසන් විය. වසර 17 කට පසුව පැවැත්වුණු මෙය ඉන්දියාවේ රාන්චි (Ranchi) හි බිර්සා මුණ්ඩා ක්‍රීඩාංගනයේදී දින 3ක් පුරා පැවැත්විණි. ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල ක්‍රීඩකයන් මීට සහභාගී විය. එය අවසන් වූයේ පදක්කම් 58 ක් දිනා ඉන්දියාව ශූරතාවයටත් පදක්කම් 40ක් දිනා ශ්‍රී ලංකාව අනුශූරතාවයටත් පත්වෙමිණි. මෙහි කැපී පෙනෙන තරග ඉසව් වූ 100m කාන්තා සහ පිරිමි ධාවන ඉසව් වලින් රන්පදක්කම් දිනා ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සහ සෆියා යාමික් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව ලෙස වාර්තා අතරට එක්විය.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබදව විවිධ අදහස් පළකිරීම් දක්නට තිබුණි. ඇතැම් තැන්හි ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව ලෙසත් දක්වා තිබුණි. මේ අනුව මෙම තරගාවලියේ වාර්තා සහ බිඳහෙලා ඇති වාර්තා සම්බන්ධයෙන් FactSeeker විමර්ශනය කර බැලීය.

මෙම තරගාවලියේ ඉතිහාසය සහ එහි තරග වාර්තා පිළිබදව සොයා බැලීමේදී මෙම මළල ක්‍රීඩා තරඟවලිය අවසන වරට පැවැතියේ 2008 වසරේදී ය. 2025 වසරේදී මෙම තරගාවලිය පැවැත්වුණේ වසර 17 කට පසුව වීම විශේෂත්වයකි.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව ලෙස මෙම නම්කිරීම සිදුවන්නේ තරගාවලියේ අදාළ තරග ඉසව් ද්විත්වයේ ජයග්‍රාහකයින් දෙදෙනාටය. ඒ අනුව 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ වේගවත්ම කාන්තාව සහ මිනිසා ලෙස වාර්තා පිහිටුවා ඇත. එම වාර්තා අනුව තත්පර 10.30 කින් තරගය අවසන් කර චමෝද් යෝධසිංහ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසත් තත්පර 11.53 ක් වාර්තා කරමින් සෆියා යාමික් දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව ලෙසත් වාර්තා තබා ඇති බව එම උළෙලේදී නිවේදනය කරනු ලැබීය.
මීට පෙර එම වාර්තා තබා ඇත්තේ 2008 වසරේදී ඉන්දියාවේ පෝල් බාසී – තත්පර 10.51(100m පිරිමි ) සහ ශ්‍රී ලංකාවේ එච්.එම්.ජයසිංහ – තත්පර 11.66 (100m කාන්තා ) යන දෙදෙනායි. එම තරග වාර්තා බිදදමමින් 2025 වසරේ වාර්තා පිහිටුවා ඇත.
කෙසේ වෙතත් මෙම තරගාවලියට අමතරව අඩුම කාලයක් වාර්තා කළ තවත් වාර්තා හමුවිය.
හිමාෂ ඊෂාන් -2016 – දකුණු ආසියානු ක්‍රීඩා උළෙල – කාලය තත්පර 10.28
යුපුන් අබේකෝන් – 2022 – ස්විට්සර්ලන්තයේ චෝ-දෙ-ෆොන්ඩ්ස් හි පැවති Resisprint International තරගාවලිය – කාලය තත්පර 9.96
යුපුන් අබේකෝන්ගේ මෙම වාර්තාව ජාත්‍යන්තර තරගයකදී තැබූ ඉහළම දකුණු ආසියානු වාර්තාව වන අතර එය දකුණු ආසියානු කලාපයේ වේගවත්ම මිනිසා ලෙස පිළිගැනෙන නිල වාර්තාවයි.

එමෙන්ම සුසන්තිකා ජයසිංහ ද 2002 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී තත්පර 11.15ක වේගයක් වාර්තා කරමින් ආසියානු ක්‍රීඩා උළෙලේ වාර්තාව පිහිටුවා ඇත. මෙම තොරතුරු ලබාගැනීමට අප කළ සොයාබැලීම් වලදී 2025.10.21 දිනට ඇති වාර්තා උපයෝගී කරගැනිණි.


ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සු බින්ටියන් (Su Bintian) නම් චීන ජාතිකයා සැළකේ. ඔහු මෙම වාර්තාව තබා ඇත්තේ 2021 වසරේ ජපානයේ පැවති ටෝකියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීය.ආසියාවේ වේගවත්ම කාන්තාව ලෙස වාර්තා වී ඇත්තේ ලී ක්සුමේයි (Li Xuemei) නැමැති චීන ජාතික කාන්තාවයි. ඇයට එම වාර්තාව හිමි වී ඇත්තේ ෂැංහයි හි පැවති තරගයකදී තත්පර 10.79ක් වාර්තා කිරීමෙන්ය.
https://en.wikipedia.org/wiki/List_of_Asian_records_in_athletics

https://worldathletics.org/records/by-category/asian-records


මෙම තොරතුරු අනුව ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව ලෙස සදහන් කරමින් චමෝද් යෝධසිංහගේ සහ සෆියා යාමික්ගේ වාර්තා ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පෝස්ටු සාවද්‍ය බව තහවුරු විය.
ඔවුන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව ලෙස වාර්තා අතරට එක්වන්නේ 2025 වසරේ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ 100m කාන්තා සහ පිරිමි ධාවන තරග ඉසව් ජයග්‍රහණය කිරීමෙන් සහ පැවති වාර්තා බිද දමමින් නව වාර්තා පිහිටුවීමෙන් බවත් FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

#fake

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

Related Content

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection