Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

තල්මසෙකු බේරාගන්නා බව දැක්වෙන AI වීඩියෝ නිර්මාණ කිහිපයක්!

False
False

මේ වන විට බොහෝ සමාජ මාධ්‍ය වේදිකා කෘත්‍රීම බුද්ධි මෙවලම් සමඟ ඒකාබද්ධ කරමින් අන්තර්ගතයන් නිර්මාණය කිරීම සුලභ කාරණයක් බවට පත්ව තිබේ. නමුත් එවැනි ඇතැම් නිර්මාණයන් පරිශීලකයින් නොමග යැවීම කෙරෙහි හේතු වන අවස්ථා රැසක් FactSeeker අප විසින් හඳුනා ගෙන ඇත.

by Anonymous |

ජූනි 20, 2025

මිනිසුන් කිහිපදෙනෙකු එක්ව පරපෝෂිත සත්ත්වයින්ගෙන් පීඩා විදින යෝධ තල්මසෙකු බේරාගෙන එම සත්ත්වයාට උපකාර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ වෛරස වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේ ය.

මෙම වීඩියෝව විදෙස් රටවල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද හුවමාරු කරගෙන තිබූ අතර තල්මසා බේරගන්නා ආකාරය සම්බන්ධයෙන් හඬපටයක් ද එහි අන්තර්ගත වී තිබුණි.

එම වීඩියෝව මෙතැනින්:

නමුත් වීඩියෝව ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී එහි මිනිසුන්ගේ හැසිරීම්වල අස්වාභාවික ලක්ෂණ නිරීක්ෂණය වූ අතර, වීඩියෝවේ  ඇතැම් අවස්ථාවල ගුණාත්මකභාවය අවම වීම, ඇතැම් දර්ශන කැමරා දසුන්වලට සාපේක්ෂව ඉහළ ගුණාත්මක තත්ත්වයක් නිරූපණය කිරීම තුළ මෙය සත්‍ය වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීමට  FactSeeker කටයුතු කළේය.

ඒ අනුව වීඩියෝවෙන් ලබාගත් ඇතැම් රූපරාමු භාවිතයෙන් Google AI  Ditector මෙවලම හරහා පරීක්ෂා කිරීමේදී ලැබුණු ප්‍රතිඵල අනුව අදාළ වීඩියෝව 95%කට වැඩි ප්‍රමාණයක් කෘත්‍රීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති බවට තහවුරු විය.

මීට අමතරව Hive Moderation මෙවලම හරහා වීඩියෝවේ සත්වයා බේරා ගැනීම පිළිබඳව විස්තර කරන හඬ පටයද නිරීක්ෂණය කළේ ය. එහිදී ලැබූ ප්‍රතිඵල අනුව ද වීඩියෝවේ හඬ පටය (Audio Track) ද 63.3%ක ප්‍රතිශතයක් ම AI තාක්ෂණය භාවිතයෙන් කරන ලද්දක් බවට කරුණු තහවුරු විය.

නමුත් එම වීඩියෝවේ අදහස් පළ කිරීම් තීරයේ මෙය සත්‍ය වීඩියෝවක් බවට විශ්වාස කරන පරිශීලකයින් දැක්වූ අදහස් කිහිපයක් ද FactSeeker නිරීක්ෂණය කළේ ය.

කෙසේ නමුත්, පුද්ගලයින් පිරිසක් විසින් තල්මසෙකු බේරාගෙන ප්‍රතිකාර කරන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection