Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ ටෙස්ලා නිෂ්පාදනය තහනම් කළ බව ප්‍රකාශ කරන වීඩියෝව AI නිර්මාණයක්!

False
False

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ ටෙස්ලා නිෂ්පාදනය තහනම් කළ බවට ප්‍රකාශ කරන වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සිදු කළ නිර්මාණයක් බවට FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූනි 12, 2025

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්‍යාපාරික ඉලෝන් මස්ක් අතර මේ දිනවල ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය හමුවේ, රට තුළ ටෙස්ලා වාහන නිෂ්පාදනය තහනම් කිරීම පිළිබඳව ජනපතිවරයා සිදු කරන ප්‍රකාශයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතී.

එම වීඩියෝව මෙතැනින්.

“ජනපති ට්‍රම්ප් ටෙස්ලා තහනම් කරයි” යන මූලපද(Keyword) ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී විදෙස් නිල ප්‍රවෘත්ති මූලාශ්‍රයන් තුළින් ජනාධිපතිවරයා එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවට සඳහන් නිල ප්‍රකාශ/වාර්තා කිසිවක් නිකුත් කර නොමැති බව අපට නිරීක්ෂණය විය.

නමුත් අදාළ වීඩියෝවේ ඡායාරූප(Screenshots) Google Lens හරහා පරීක්ෂා කිරීමේදී, ධවල මන්දිරයේ නිල යූටියුබ් නාලිකාවේ, මෙම වසරේ මැයි 30 වන දින ජනපති ට්‍රම්ප් සහ ඉලොන් මස්ක් අතර මාධ්‍ය හමුවක වීඩියෝවක් අපට හමු විය.

එම වීඩියෝව මෙතැනින්.

එම වීඩියෝවේ ජනාධිපතිවරයාගේ ඇඳුම සහ සංසරණය වන වීඩියෝවේ ඔහු ඇඳ සිටින ඇඳුම සමාන බවත්, ඒ අනුව සංසරණය වන වීඩියෝව, මුල් වීඩියෝවේ පැති මාරු කර පෙරළා(Flip) සකස් කර ඇති බවත් තහවුරු විය.

එසේම සංසරණය වන වීඩියෝවේ ජනපති ට්‍රම්ප් වචන හැසිරවීමේදී මුහුණේ ඉරියව් සහ චලනයන්හි අසාමාන්‍ය ස්වභාවයක් නිරීක්ෂණය කළ හැක. ඒ අනුව අදාළ වීඩියෝව AI භාවිතයෙන් නිර්මාණය කර ඇති බව අපට පැහැදිලි විය. අදාළ වීඩියෝව Deepware වෙබ් අඩවිය හරහා විශ්ලේෂණය කිරීමේදී එම වීඩියෝව AI භාවිතයෙන් නිර්මාණය කරන ලද එකක් බව තවදුරටත් තහවුරු විය.

මේ අතර, සංසරණය වන ඇතැම් වීඩියෝවල මෙය AI භාවිතයෙන් නිර්මාණය කරන ලද බවට සඳහන් කර තිබුණ නමුත් බොහෝ පරිශීලකයින් මෙය සත්‍ය වීඩියෝවක් ලෙස තේරුම්ගනිමින් හුවමාරු කරගෙන කර ඇති බව අපට පැහැදිලි විය.

මේ අනුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ ටෙස්ලා නිෂ්පාදනය තහනම් කළ බවට ප්‍රකාශ කරන වීඩියෝව AI නිර්මාණයක් බවට FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection