Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ඩයලොග්, වසර අවසාන දත්ත පිරිනමන බවට හුවමාරු වන පණිවුඩය අසත්‍යක්

False
False

ජනප්‍රිය ජංගම දුරකතන ජාලයක් වන ඩයලොග් සිම්පත් හිමියන්ට වසර අවසානයේ දත්ත පිරිනැමීමක් සිදු කරන බව පවසමින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

නොවැම්බර් 21, 2024

“DIALOG වසර අවසාන දීමනාව ලෙස සියලුම පැරණි සිම් කාඩ්පත් සඳහා නොමිලේ දත්ත පිරිනමයි.

6 මාස පැරණි SIM – 10GB

1 වසර සහ ඊට වැඩි – 20GB

5G SIM කාඩ්පත් භාවිතා කරන්නන් – 300GB” යනුවෙන් එම පණිවිඩයේ සදහන් වී තිබිණි.

 

මෙම එක් එක් දීමනාව ලබා ගැනීම සඳහා පෞද්ගලික දත්ත ඇතුළත් කිරීමට සබැඳි (ලින්ක්) කිහිපයක් යොමුකර තිබේ. එම සබැඳි හරහා පිවිසීමේදී එම වෙබ් පිටුවේ ඇතුළත් ඡායාරූප අඩු  ගුණාත්මකබාවයකින් යුතු වූ අතර එහි පුද්ගලයින්ගේ සංවේදී දත්ත ඉල්ලා ඇත.

විශේෂයෙන් ම tinyurl.com භාවිතයෙන් සම්පූර්ණ සබැඳිය සඟවා කෙටි සබැඳියක් භාවිත කර තිබීමත් නිරීක්ෂණය කිරීමට හැකි විය. tinyurl.com හරහා දිගු සබැඳි කෙටි සබැඳි බවට පත් කිරීමට හැකිය. මෙවැනි වංචනිකයින් දත්ත සොරකම් කිරීමේදී එය උපක්‍රමිකව යොදා ගනී. ඒ අනුව මේවා වංචනික ලින්ක් (Scammed Link)බව FactSeeker ට හඳුනාගත හැකි විය.

නමුත් මේ පිළිබඳව වැඩිදුර කරුණු තහවුරු කර ගැනීම සඳහා ඩයලොග් ආසායාටා පුද්ගලික සමාගමෙන් FactSeeker කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ , එවැනි දීමනාවක් සිය සමාගම විසින් නිකුත් කර නැති බවයි.

ඒ අනුව  “ඩයලොග් සිම් කාඩ් පත නොමිලේ වසර අවසාන දත්ත පිරිනැමීම” යනුවෙන් සඳහන් වෙමින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අසත්‍ය බව  FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection