Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර AI නිර්මාණයක්

False
False

තල්මසෙකුගේ ප්‍රහාරයකට ලක්ව මත්ස්‍ය පුහුණූකාරිනියක් ජීවිතක්ෂයට පත්වූ සංවේදී පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු FactSeeker හට නිරීක්ෂණය විය.

by Anonymous |

අගෝස්තු 14, 2025

ජෙසිකා රැඩ්ක්ලිෆ් නම් සමුද්‍ර පුහුණුකාරිනිය සංදර්ශනයක් අතරතුර “Orca” වර්ගයේ තල්මසෙකුගේ ගොදුරකට ලක්වන ආකාරයේ ඉතා සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු Fact seeker අපට දැක ගැනීමට හැකි විය.

එම වීඩියෝවේ තල්මසුන් යොදාගෙන කරන සංදර්ශනයක් අතරවාරයේදී මෙම මත්ස්‍යයා විසින් ජෙසිකා රැඩ්ක්ලිෆ් නම් තම පුහුණුකාරිය ප්‍රේක්ෂකයන් ඉදිරිපිට ගිලගන්නා අයුරු අති සංවේදී අයුරින් පළ කර තිබිණි.


එම වීඩියෝව පහතින්:
https://www.facebook.com/share/r/19LTuh1bGd/
https://vt.tiktok.com/ZSS7m2MLR/
මේ අයුරින් සංසරණය වන වීඩියෝහි සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇය පිළිබද කණගාටුව පල කර තිබූ අතර ඇතැමුන් මෙය සත්‍ය සිදුවීමක් නොවන බව දක්වා තිබුණි. එමෙන්ම මෙය පාදක කර ගනිමින් තවත් වීඩියෝ බොහොමයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගෙන තිබුණි.
එම සංසරණය වන වීඩියෝවල තල්මසා පුහුණුකාරියට පහරදෙන අවස්ථාව සහ ඇයව ගිල දමන ආකාරය අස්වාභාවික ස්වරූපයක් දිස් වෙයි. එමෙන්ම එහි රූපරාමු එකම අවස්ථාවක නොවන බව ද පෙනෙන්නට තිබූ බැවින් ඒ පිළිබද වැඩිදුර කරුණු සොයා බැලීමට Factseeker කටයුතු කළේ ය.

X සමාජ මාධ්‍ය ඔස්සේ ජෙසිකා රැඩ්ක්ලිෆ් හා එම අනතුර සම්බන්ධයෙන් පලවූ ජායාරූපයක් උපයෝගී කොට Gork AI chatbot හරහා කළ කරුණු පරීක්ෂාවේදී එය ව්‍යාජ පුවතක් බව කරුණු තහවුරු විය.

එහිදී වීඩියෝ පටවල අන්තර්ගත ඇතැම් දර්ශන සත්‍යය යැයි හැගවෙන පරිදි සැබෑ සිදුවීමක රූපරාමු හා වීඩියෝ පට ඇතුළත් වන අයුරින් නිර්මාණය කර ඇති බවටද කරුණු තහවුරු විය.
ඒ අනුව 2010 වර්ෂයේදී ෆ්ලොරිඩාවේ Orca වර්ගයේ තල්මසෙකු විසින් තම පුහුණුකාරවරිය වූ ” ඩ්‍රෝන් බ්‍රැන්චියෝ ” ව අනතුරට ලක්කාරවරිය වූ ” ඩ්‍රෝන් බ්‍රැන්චියෝ ” ව අනතුරට ලක් කර ජීවිතක්ෂයට පත් වූ සිදුවීමේ දර්ශන මේ සදහා යොදා ගෙන ඇති බවත් කරුණු තහවුරු විය. එසේම ඇතැම් වීඩියෝවල මීට වසරකට පෙර ස්පාඤ්ඤ පුහුණුකරු ඇලෙක්සිස් මාටිනෙස් ටෙනරීෆ්වලදී පැවැති පෙරහුරුවක් අතරතුර කීටෝ නම් ඕර්කා වර්ගයේ තල්මසෙකුගේ ප්‍රහාරයක් හමුවේ අනතුරට පත්වීමේ වීඩියෝ දර්ශන ද මේ සඳහා යොදාගෙන තිබුණි.
https://www.oneindia.com/international/jessica-radcliffe-orca-attack-video-goes-viral-here-s-what-really-happened-7828417.html?ref_source=OI-EN&ref_medium=Home-Page&ref_campaign=News-Cards

මෙම ජෙසිකා රැඩ්ක්ලිෆ් හා සම්බන්ධ සිදුවීම පිළිබදව විදෙස් වෙබ් අඩවි හරහා ද විමර්ෂනය කොට පැහැදිලි කිරීම් කර තිබූ අතර ඒවායේ ද මෙය සත්‍ය සිදුවීමක් නොවන බව දක්වා තිබුණි.
එමෙනම ජෙසිකා රැඩ්ක්ලිෆ් නමින් පුහුණුකාරිනියක් නැති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් ප්‍රවෘත්ති පළ කර ඇති බව ද මෙහිදී අනාවරණය කර ගැනීමට හැකි විය.සමුද්‍ර උද්‍යාන හෝ මින්මැදුරු ආශ්‍රිතව කර ඇති නිල නිවේදනවල හෝ නිල ප්‍රකාශනවල ඇය ගැන කිසිදු සටහනක් සොයා ගැනීමට නොහැකි විය.

https://www.oneindia.com/international/jessica-radcliffe-orca-attack-video-goes-viral-here-s-what-really-happened-7828417.html?ref_source=OI-EN&ref_medium=Home-Page&ref_campaign=News-Cards

ඒ අනුව මෙම ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර සම්බන්ධයෙන් සංසරණය වන වීඩියෝ හා රූප රාමු AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද බවට Fact seeker කරුණු තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection