Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ජාතික ජන බලවේගය සිය කැබිනට් මණ්ඩලය නම් කළා ද?

Misleading
Misleading

ජාතික ජන බලවේගයේ යෝජිත කැබිනට් මණ්ඩලය නමින් පුද්ගලයින් 18 කුගේ ඡායාරූප ඇතුළත් කර සකස් කර ඇති ඡායාරූපයක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් පවතී.

by Anonymous |

සැප්තැම්බර් 2, 2024

එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මෙම කැබිනට් මණ්ඩලය පිහිටුවීමට පොරොන්දු වී ඇති බව එහි සඳහන් කර තිබේ.

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයින් ද ඡායාරුප සමග මෙම පොස්ටුවට ඇතුළක් කර ඇති අතර මේ පිළිබඳ සොයාබැලීමට factseeker කටයුතු කළේය.

මේ පිළිබඳ වන තීරණයක් ගෙන ඇති ද? යන්න සම්බන්ධයෙන් සොයා බැලීමේදී ජාතික ජන බලවේගයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර එහි එවැනි පළ කිරීමක් කර නොතිබිණි.

ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරෙමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් වන වසන්ත සමරසිංහ සහ බිමල් රත්නායකගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

මේවනවිට පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බැවින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති බවට පත්කිරීමට පමණක් මේ වනවිට කටයුතු කරන බවද හෙතෙම පැවැසීය.

එමෙන්ම මේ පිළිබද ජාතික මාධ්‍ය වාර්තා කර ඇත්දරයි සොයා බැලු අතර එවැනි වාර්තා කිරීමක් ද හමු නොවීය. ඒ අනුව ජාතික ජන බලවේගයේ යෝජිත කැබිනට් මණ්ඩලය නමින් හුවමාරු වන ඡායාරූපය අසත්‍ය බව  factseeker තහවුරු කරයි

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection