Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ජාතික ජන බලවේගය යළි වියළි සලාක බෙදුවා ද?

Misleading
Misleading

ජාතික ජන බලවේගය සහල් සහ වියළි සලාක බෙදා දුන් බව සදහන් විවිධ ඡායාරූප සහ පෝස්ට් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවැතිණි.

by Anonymous |

මාර්තු 13, 2024

මෙය සත්‍ය ද? යන්න සොයා බලන ලෙස factseeker වෙත ලැබුණු ඉල්ලීමකට අනුව  මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබද සොයා බැලුවෙමු.

ජනතා විමුක්ති පෙරමුණේ ‘රතු තරුව’ වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී පවුල් සදහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සදහා 2020 වසරේදී ක්‍රියාත්මක කළ ව්‍යපෘතියකදී ගත් ඡායාරූපයකි. මෙම ඡායාරූපය නිකවැරටිය රස්නායකපුර දී එම වැඩසටහනේදී ගත් ඡායාරූපයක් බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ඒ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නිල සමාජ මාධ්‍ය පිටුවල ද පළකර ඇත.

මේ වසරේ (2024) කාන්තා දිනයට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජනබලවේගය විසින් සහල් සහ වියළි සලාක ලබා දුන්නේදැයි ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමේදි ඔවුන් සඳහන් කළේ එවැනි බඩු බෙදාදීමක් සිදුනොකළ බවයි.

ඒ අනුව මෙම ඡායාරූපය මේ වසරේ දී සිදු වුවක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා  හුවමාරු වන පෝස්ටුව 2020 වසරේදී ගත් ඡායාරූපයක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection