Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලාෆර් කළ ප්‍රකාශයක් ද?

False
False

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිපත්තිවලට කිසිදු මුස්ලිම්වරයෙකු බිය විය යුතු නැතැයි එහි ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලාෆර් කළ බව කියන ප්‍රකාශයක් Factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 2, 2024

මෙම ප්‍රවෘත්තිය හුවමාරු වන්නේ, ‘ShortNews’ වෙබ් අඩවියේ පළ කළ පුවතක් වශයෙනි.

‘ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන කාරණයක් ලෙස සමලිංගිකත්වයට (LGBTQ) ඉඩ දී තිබෙනවා. ඉස්ලාමයේ සමලිංගිකත්වය තහනම් කියලා කොතැනකවත් කියා නෑ. අපගේ ප්‍රතිපත්තියට කිසිදු මුස්ලිම් ජාතිකයෙකු බිය විය යුතු නැතැයි’ මවුලවි මුනීර් මුලාෆර්  ප්‍රකාශ කළ බව එම පුවතේ සඳහන් වී ඇත.

කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍යතාව සොයා බලන ලෙස  factseeker ට  ඉල්ලීම් කිහිපයක් ලැබී තිබීම හේතුවෙන් මේ පිළිබඳව සොයා බැලී ය. එවැනි පුවතක් මවුලවි මුනීර් මුලාෆර් ප්‍රකාශ කර නැති අතර , ‘ShortNews ‘ වෙබ් අඩවිය ද එවැනි පුවතක් පළ කර නැති බව Factseeker ට තහවුරු කර ගැනීමට හැකි විය.

මේ සම්බන්ධයෙන් ShortNews වෙබ් අඩවියේ අධ්‍යක්ෂ මොහොමඩ් රශ්මින්ගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ,  තම වෙබ් අඩවියේ එවැනි පුවතක් පළ වී නොමැති බව යි. එමෙන්ම තම වෙබ් අඩවියේ ලාංඡනය සහ නම භාවිත කරමින් එවැනි පුවතක් පළ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන්ම  ShortNews වෙබ් අඩවිය මෙම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් සටහනක් ද පල කර ඇත. එම සබැඳිය මෙතැනින්

එසේම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලාෆර්ගෙන්ද මේ පිළිබඳව කළ විමසීමේදී , තමන් එවැනි කිසිදු පණිවිඩයක් කිසිදු මාධ්‍යයකට ලබාදී නොමැති බවත් හුවමාරු කර ගෙන තිබෙන ගන්නා මතය තම ස්ථාවරය නොවන බවත් හෙතෙම සඳහන් කළේ ය.

එබැවින් වට්ස්ඇප්  සමූහවල හුවමාරු වන මෙම පණිවිඩය ව්‍යාජ ප්‍රවෘත්තියක් බව  Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection