Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කෙටුම්පතක් නිකුත් කළා ද?

False
False

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ කෙටුම්පතක් ලෙස සදහන් කරමින් ලියවිල්ලක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජූලි 9, 2024

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව, NIO ආර්ථික විධායක සභාව, ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික පර්යේෂණ ඒකකය එක්ව මාස 06 ක් තිස්සේ කරනු ලැබූ සාකච්ඡාවල අවසන් එකගතාවන් / කෙටුම්පත 3/ 2024/ මැයි / 0034 P EC යනුවෙන් මෙම කෙටුම්පතෙහි මුල් කවරයෙහි සදහන් කර තිබිණි. එමෙන්ම මෙය ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර පරිශීලකයින් සදහා පමණයි යනුවෙන් ද අවධාරණය කර තිබිණි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පුද්ගලික සංචිත වටිනාකම් ගණනය යන උප ශීර්ෂය යටතේ තමන් සතු සියලුම රන්, දියමන්ති හා මැණික් ආභරණ පිළිබද සියලු තොරතුරු සෑම වසරකම මාර්තු 31 වෙනි දිනට පෙර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැනුම් දීම අනිවාර්ය බව සදහන් කර ඇත. ජාතික රන් සංචිතයට අමතරව පුද්ගලික සංචිත වටිනාකම ගණනය කිරීම මෙහි අරමුණ බව එහි සදහන් වේ.

රුපියල් ලක්ෂ 10 කට වඩා වැය කරන විවාහ උත්සව, උපන්දින සාද, මිතුරු හමු සදහා විශේෂ බලපත්‍රයක් ලබා ගත යුතු අතර ඒ සදහා සියයට 30 ක විනෝද බද්දක් යෝජනා කර ඇත. එය ජාතික සංස්කෘතික ඒකාබද්ධ අරමුදලට බැර කරන බව ද එහි සදහන් වේ.

සුපිරි සාප්පු, සුපිරි වෙළදසැල් සහ භෝජනාගාරවලින් භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේදී එක් වරකට පුද්ගලික පරිභෝජනය සදහා මිලදී ගැනීමේ උපරිමය රුපියල් විසිදාහක් බව සදහන් කර ඇත.

පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක් සදහා කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් නිකුත් කරන්නේ මාස දෙකකට එක් වරක් වන අතර බස්නාහිර පළාතෙන් පිට අනෙක් සියලු පළාත්වල නාගරික සීමාව හැර ගෘහස්ත ගෑස් අලෙවිය සමූපකාර හරහා පමණක් කරන බව  එම කෙටුම්පතෙහි සදහන් වේ.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතෙක් සකස් කර අවසන් කර නැති බව එම පක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කිරීම නිසා හුවමාරු වන මෙම කෙටුම්පත සත්‍යය ද? යන්න පිළිබදව Factseeker සොයා බැලීය.

ඒ අනුව ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන්  Factseeker කළ විමසීමකදී ඔවුන් සදහන් කළේ, ජාතික ජන බලවේගය මෙතෙක් සිය ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කර නැති බවය. හුවමාරු වන මෙම ලියවිල්ල ව්‍යාජ බව ද අවධාරණය කළේ ය.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්තිගෙන් Factseeker කළ විමසීමකදී ඔහු සදහන් කළේ, ජාතික ජන බලවේගය මේ වන විට නිකුත් කර ඇත්තේ මිනින්දෝරුවන්ගේ ,ඉංජිනේරුවන්ගේ , සංවර්ධන හා පර්යේෂණ වැඩපිළිවෙලට අදාළ අදහස් පමණක් බව සදහන් කළේ ය. ‍‍

ජාතික ජන බලවේගය මේ රටේ අධ්‍යාපනය,සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත ආදී වශයෙන් වන සෑම ක්ෂේත්‍රයක් පිළිබදව ජනතා සංවාදයක් ඇති කර ජනතාවගේ අදහස්වලින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරියේදී සකස් කරන බවත් මෙවැනි හොර ලියවිලි සිය දේශපාලන ව්‍යාපාරය සතු නොවන බව ත් හෙතෙම සදහන් කළේ ය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති විකෘති කරමින් මෙම ලියවිල්ල සකස් කර තිබෙන අතර පුද්ගලික නිවාස බදු , තැන්පතු, විනෝද බදු ආදී වශයෙන් ජනතාව භීතියට පත් වන ආකාරයෙන් මෙම ලියවිල්ල සකස් කර තිබෙන බව සුනිල් හදුන්නෙත්ති වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඒ අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය නොව ව්‍යාජ ලෙස සකස් කළ ලියවිල්ලක් බව Factseeker තහවුරු කරයි.

 

 

 

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

ශාරුක් ඛාන් බලන්න රුපියල් විසිදහසක ප්‍රවේශ පතක් නිකුත් කළා ද?

ජූලි 7, 2025

පෙර පුහුණුවීම්වල නිරත ශාරුක් ඛාන් ලෙස දැක්වෙන ඡායාරූපය AI නිර්මාණයක්!

ජූලි 7, 2025

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්!

ජූලි 1, 2025

දෙහිවල සත්තු වත්තේ දිනුම් ඇදීමක් සිදු වෙනවාද?

ජූනි 25, 2025

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection