ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා (11 වැනිදා) නුවරඑළියේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී, ඔහු තේ දලු නෙලන කූඩයක් පිටේ බැඳගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී.
by Anonymous |
පෙබරවාරි 16, 2026

මෙම ඡායාරූපය ෆේස්බුක් (Facebook) පරිශීලකයින් රැසක් විසින් හුවමාරු කරගෙන තිබූ අතර, ඒ සඳහා විවිධ දේශපාලනික විවේචන මෙන්ම උපහාසාත්මක සටහන් ද එක් කර තිබුණි. කෙසේ වෙතත්, මේ පිළිබඳව FactSeeker කළ විමර්ශනයේදී තහවුරු වූයේ මෙය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විකෘති කරන ලද (Manipulated) ඡායාරූපයක් බවයි.

කරුණු පැහැදිලි කිරීම
පසුගිය බදාදා (11) පස්වරුවේ නුවරඑළියේ පැවැති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ “මුළු රටම එකට” ජාතික ක්‍රියාන්විතයේ මධ්‍යම පළාත් වැඩසටහනට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නුවරඑළියේ සංචාරයක නිරත විය.
එම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ වතු කම්කරුවන් මුණගැසී ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහද සාකච්ඡාවක නිරත විය. එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් AI තාක්ෂණය උපයෝගී කරගනිමින් විකෘති කර, ජනාධිපතිවරයා තේ දලු නෙලන කූඩයක් පැළඳ සිටින ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

නිල මූලාශ්‍ර: ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් මෙම සංචාරයේ නිල ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, එහි ජනාධිපතිවරයා කම්කරුවන් සමඟ සුහදව කතාබස් කරන අයුරු දැක්වෙන නමුත් ඔහු කිසිදු අවස්ථාවක තේ දලු නෙලන කූඩයක් රැගෙන නොයන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
ඡායාරූප මෙතැනින් : https://drive.google.com/drive/folders/1jG3P1_0q_ZAkP1o1qo1RlTM0rqjzTr9Y?usp=sharing
මාධ්‍ය වාර්තා: ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක්ම මෙම අවස්ථාව වාර්තා කර තිබූ අතර, ඒවායේ පළ වූ දර්ශන ද සමාජ මාධ්‍යවල පළ වන අසත්‍ය ඡායාරූපයට පටහැනි වේ.

වීඩියෝ දර්ශන: ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද ජනාධිපතිවරයාගේ නුවරඑළිය සංචාරයට අදාළ නිල වීඩියෝව මෙතැනින් නැරඹිය හැකිය:
මෙතැනින් : https://drive.google.com/file/d/1zv26u277ZSRwpKZ2ETEO2wGIF1ZbVfrm/view?usp=sharing
නිගමනය :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේ දලු නෙලන කූඩයක් රැගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය, සැබෑ ඡායාරූපයක් විකෘති කර සකස් කරන ලද (Morphed) අසත්‍ය ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.
