Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජනපති අනුරගේ සංස්කරණය කළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙයි

False
False

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ජනාධිපති අනුර කුමාර දිසානායක, ජර්මානු ජනාධිපතිවරයාට සාපේක්ෂව කුඩාවට පෙනෙන ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කළ ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

ජූනි 12, 2025

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ උත්සවය, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ (Bellevue Palace) දී පැවැත්විණි.
එහිදී ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ ජනාධිපතිවරයා, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණයට ද එක්විය.

එම අවස්ථාවේදී ගනු ලැබූ ඡයාරූපයක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙන ඡායාරූපයක් FactSeeker වෙත නිරීක්ෂණය වූ අතර එහි ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපතිවරයාට වඩා සැලකිය යුතු අඩු උසක් සහිතව සිටින බව අපගේ අවධානයට යොමු විය.

එම ඡායාරූපය Reverse Image Search හරහා කළ පරීක්ෂාවේදී මීට සමාන ඡායාරූපයක් Batesville Guard වෙබ් අඩවියේ පළ කර ඇති බව FactSeeker නිරීක්ෂණය කළේය. ජර්මානු ප්‍රවෘත්ති ඒජන්සියේ (DPA) බර්න්ඩ් වොන් ජුට්ර්සෙන්කා (Bernd von Jutrczenka) විසින් අදාළ ඡායාරූපය ලබාගෙන තිබිණි.

මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය, එම ඡායාරූපය සමග සැසඳීමේදී සංසරණය වන ඡායාරූපයේ ජනාධිපතිවරයා කුඩාවට පෙනෙන ලෙස සංස්කරණය කර ඇති ආකාරය පැහැදිලිව හඳුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර තිබූ පිළිගැනීමේ උත්සවයට අදාළ වෙනත් ඡායාරූප ද FactSeeker පරීක්ෂා කළ අතර එහිදී සංසරණය වන ඡායාරූපය සංස්කරණය කළ එකක් බව තවදුරටත් තහවුරු විය.

ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ජනාධිපති අනුර කුමාර දිසානායක, ජර්මානු ජනාධිපතිවරයාට සාපේක්ෂව වඩා කුඩාව පෙනෙන ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කළ ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

ශාරුක් ඛාන් බලන්න රුපියල් විසිදහසක ප්‍රවේශ පතක් නිකුත් කළා ද?

ජූලි 7, 2025

පෙර පුහුණුවීම්වල නිරත ශාරුක් ඛාන් ලෙස දැක්වෙන ඡායාරූපය AI නිර්මාණයක්!

ජූලි 7, 2025

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්!

ජූලි 1, 2025

දෙහිවල සත්තු වත්තේ දිනුම් ඇදීමක් සිදු වෙනවාද?

ජූනි 25, 2025

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection