Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ජගත් මනුවර්ණට වෙඩි තිබ්බාද?

Misleading
Misleading

සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලවල ද ප්‍රධාන පුවතක් වී තිබිණි.

by Anonymous |

අප්‍රේල් 30, 2024

ඇතැම් මාධ්‍යවල මෙම ප්‍රවත පළ කර තිබුණේ ජගත් මනුවර්ණට කවුරුන් හෝ විසින් හිතා මතා වෙඩි තබා ඇති බවට හැගවෙන පරිදිය. ඒ “ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක් – මනුවර්ණ රෝහල් ගත කරයි.” , “රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේදී ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක්” ආදී වශයෙන් මෙම පුවත වාර්තා කර තිබිණි.

ඒ අනුව මෙම සිදුවීම පිළිබදව සොයා බැලීමට Factseeker නිරීක්ෂණයක යෙදුනෙමු.

මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන  ̒FATHER̒̒̕ චිත්‍රපටය , රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ රූ ගත කරන අවස්ථාවේදී ය.

මෙය හිතා මතා කරන ලද වෙඩි තැබීමක් ද යන්න පිළිබදව Factseeker චිත්‍රපටයේ අධ්‍යක්ෂ චමින්ද ජයසූරියගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ, සිනමා පටයේ වෙඩි තැබීමක දර්ශනයක් පැවැති අතර දර්ශන තලයේදී ඒ සදහා භාවිත කරන තාක්ෂණික ක්‍රමයේ වූ අතපසු වීමක් නිසා ජගත් මනුවර්ණ සුළු අනතුරකට මුහුණ දීමට සිදු වූ බව යි. මෙය හිතා මතා කළ වෙඩි තැබීමක් නොව අතපසුවීමකින් වූ සිදුවීමක් බව ය.

ඒ අවස්ථාවේදී සුළු තුවාල ලැබූ ජගත් මනුවර්ණ සිදු වූ සුළු තුවාල සදහා ප්‍රතිකාර ලබා ගත් බව ත් ඔහු මේ අවස්ථාව වන විට නැවත රූ ගත කිරීම්වලට සහභාගී වී සිටින බවත් චමින්ද ජයසූරිය අධ්‍යක්ෂකවරයා පැවැසීය.

ඒ අනුව රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේදී ජගත් මනුවර්ණට සිදු වූ අනතුර අතපසුවීමකින් සිදු වූ වෙඩි වැදීමක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection