Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

False
False

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවතක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු කළේය.

by Anonymous |

ඔක්තෝබර් 20, 2025

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී ඇතැයි පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.
“86 වන වියෙහි පසු වූ හිටපු ජනාධිපතිනිය මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇති බවත් ඒ වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ” ආදී ලෙස මෙම පෝස්ටුවල දක්වා තිබුණි. එසේම ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වන වෙනත් පෝස්ටුවලද සමාජ මාධ්‍ය පරිශීලකයින් නිවන් සුව ප්‍රාර්ථනා කරනු දක්නට තිබුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළවන බවත් , එසේ වුවත් ඒ සම්බන්ධයෙන් නිල තොරතුරක් නොමැති බවත් ඇතැම් පෝස්ටුවල දක්වා තිබුණි.

https://www.facebook.com/share/p/1FhoX6RDJs/

https://www.facebook.com/share/p/1BZizqL4Z6/
ඒ අනුව FactSeeker මේ පිළිබඳ කරුණු පරීක්ෂා කළේය.

මේ සම්බන්ධයෙන් අපි නිල වශයෙන් වූ ප්‍රවෘත්තියක් හෝ සටහනක් ඇතිදැයි අන්තර්ජාලයේ පරීක්ෂා කළ අතර එවැනි සටහනක් හමු නොවුණි. පසුව හිටපු ජනාධිපතිනියගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේද ? යන්න පිළිබදව FactSeeker ඇගේ සම්බන්ධීකරණ නිලධාරිවරයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මීට සති කිහිපයකට ඉහතදී සිදුවූ ඇද වැටීමකින් ඇගේ උකුල් ප්‍රදේශය ආශ්‍රිතව අස්ථි බිදීමක් සිදුවී එක්තැන්ව සිටි අතර මේ වන විට ඇය යථා තත්ත්වයට පත්වෙමින් සිටින බව යි. එසේම ඇය මේ වන විට කොළඹ පිහිටි ඇගේ නිවසේ විවේක සුවයෙන් පසුවන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් ක‍ළේ ය.
ඒ අනුව මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection