Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ගුවන්තොටේ දමා ගිය ගමන් මලු අලෙවි කරන බව සඳහන් සේයා රුව සංස්කරණයක්

Factual
Factual

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගබඩාවේ නැතිවූ හෝ අමතක වූ ගමන් මලු විකුණන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පෝස්ටු සංසරණය වෙයි.

by Anonymous |

ජනවාරි 2, 2025

https://www.facebook.com/share/p/18Z2vVN7xM/

Bandaranaike International Airport යනුවෙන් ඇති ෆේස්බුක් පිටුවක් හරහා මෙය සමාජගත කර ඇත.

එහි සඳහන් වන්නේ සෑම වසරකම ගබඩාවේ අමතක වූ හෝ නැතිවූ ගමන් මලු ඉතා සුළු මුදලකට ලබා දෙන බවයි. ඒ අනුව මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු කළේය.

මේ පිළිබඳ ගුවන් තොටුපළෙන් කළ විමසීමේදී ගුවන් තොටුපළ කාර්‍යභාර නිලධාරි අංශය සඳහන් කළේ,  ගමන් මලු හා සම්බන්ධ එවැනි කිසිදු නිවේදනයක් ගුවන් තොටුපළින් නිකුත් කර නොමැති බවයි.

මෙම පෝස්ටුවේ පවතින ඡායාරූපය පිළිබඳ සොයා බැලීමේදී මෙහි සංස්කරණය නොකළ ඡායාරූපයක් හමුවූ අතර එය සංචාරකයන් සඳහා පළවුණු  ලිපියක ඇතුළත් විය.

https://johnnyjet.com/another-smart-reason-to-take-a-photo-of-your-checked-luggage/

ආදාළ ඡායාරූපය ගෙන විවිධ අයුරින් සංස්කරණය කොට ව්‍යාජ ලෙසින් සකසා  සමාජ මාධ්‍ය වෙත මුදහැර ඇති බව google Lens හරහා කළ සොයා බැලීමේදී අනාවරණය විය.

ඒ අනුව මෙම ඡායාරූපය සංස්කරණය කර අදාළ දැන්වීම සඳහා යොදා ගෙන ඇති බව පැහැදිලි වෙයි.

එසේම මේ හා සම්බන්ධව මීට පෙර අවස්ථාවලදී  වෙබ් පිටු හරහා කළ වාර්තා කිරීම් ද හමුවිය .

https://gagana.lk/article/about-fake-fb-page-selling-lost-luggage-in-airport-1729399740

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිල ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳ නිවේදනයක් ද  නිකුත් කර තිබුණි.

එම නිවේදනය මෙතැනින් –

https://www.facebook.com/share/p/12DjJQDpHdv/

ඒ අනුව ගුවන්තොටුපළ තුළ දමා ගිය ගමන් මලු සහන මිලට ලබා දෙන බව දක්වමින් සමාජ මාධ්‍ය තුළ පළවන පෝස්ටු හා එම ඡායාරූප අසත්‍ය බව FactSeeker  තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection