Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ගුරු පත්වීම් 33 000 ක් දෙන බව ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙයිද?

Misleading
Misleading

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, රැකියා විරහිත උපාධිධාරීන්ට තම ආණ්ඩුවක් යටතේ රැකියා ලබාදෙන බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

by Anonymous |

අගෝස්තු 26, 2024

ඒ ඉකුත් අගෝස්තු 08වනදා සියළු පළාත් නියෝජනය කරමින් පැමිණි රැකියා විරහිත උපාධිධාරී පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.මෙම ප්‍රකාශය පිළිබඳව Factseeker අවධානය යොමු කළේ ය.

“ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉදිරියේදී, කිසිදු රැකියා විරහිත උපාධිධාරියෙකු නිර්මාණය නොවන ආකාරයට  ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන්නත්, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් සූදානම්. දැනට 33,000කට ආසන්න ප්‍රමාණයක්  ගුරුවරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. ඒ පුරප්පාඩු පිරවීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන පුරප්පාඩු සඳහා ද බඳවාගැනීමට කටයුතු කරනවා”  යනුවෙන් අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශ සදහන් වීඩියෝව ඔහුගේ යූටියුබ් නාලිකාවේ පළ කර තිබුණේ මෙලෙසිනි. https://youtu.be/3DYglhurYXY?feature=shared

ජාතික ජනබලවේගය විසින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන මැයෙන් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ “උපාධිධාරීන්ට රැකියා” යනුවෙන් කොටසක් වෙන් කර ඇත.

එහි සඳහන් වන්නේ,

– ගුරු වෘත්තියට උපාධිධාරීන් 20,000ක්

– විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි, ගණිත (STEM) උපාධිධාරීන් 3000ක් හා STEM නොවන උපාධිධාරීන් 9000ක් ඇතුලත් උපාධිධාරීන් 12,000 තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට.

-දේශීය ආදායම්, රේගු, විදේශ සේවා හා සංචාරක ක්ෂේත්‍රයට රැකියා 3000ක්  වශයෙන් එම ලේඛනයේ සඳහන් කර ඇත.

අනුර කුමාර දිසානායක රැකියා විරහිත උපාධිධාරීන් 33 000 කට ගුරු පත්වීම් දෙන බව සදහන් කර තිබුණ ද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, ගුරු පුරප්පාඩු 20 000 ක් පුරවන බව ය.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection