Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ගුරු පත්වීම් 33 000 ක් දෙන බව ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙයිද?

Misleading
Misleading

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, රැකියා විරහිත උපාධිධාරීන්ට තම ආණ්ඩුවක් යටතේ රැකියා ලබාදෙන බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

by Anonymous |

අගෝස්තු 26, 2024

ඒ ඉකුත් අගෝස්තු 08වනදා සියළු පළාත් නියෝජනය කරමින් පැමිණි රැකියා විරහිත උපාධිධාරී පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.මෙම ප්‍රකාශය පිළිබඳව Factseeker අවධානය යොමු කළේ ය.

“ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉදිරියේදී, කිසිදු රැකියා විරහිත උපාධිධාරියෙකු නිර්මාණය නොවන ආකාරයට  ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන්නත්, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් සූදානම්. දැනට 33,000කට ආසන්න ප්‍රමාණයක්  ගුරුවරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. ඒ පුරප්පාඩු පිරවීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන පුරප්පාඩු සඳහා ද බඳවාගැනීමට කටයුතු කරනවා”  යනුවෙන් අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශ සදහන් වීඩියෝව ඔහුගේ යූටියුබ් නාලිකාවේ පළ කර තිබුණේ මෙලෙසිනි. https://youtu.be/3DYglhurYXY?feature=shared

ජාතික ජනබලවේගය විසින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන මැයෙන් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ “උපාධිධාරීන්ට රැකියා” යනුවෙන් කොටසක් වෙන් කර ඇත.

එහි සඳහන් වන්නේ,

– ගුරු වෘත්තියට උපාධිධාරීන් 20,000ක්

– විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි, ගණිත (STEM) උපාධිධාරීන් 3000ක් හා STEM නොවන උපාධිධාරීන් 9000ක් ඇතුලත් උපාධිධාරීන් 12,000 තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට.

-දේශීය ආදායම්, රේගු, විදේශ සේවා හා සංචාරක ක්ෂේත්‍රයට රැකියා 3000ක්  වශයෙන් එම ලේඛනයේ සඳහන් කර ඇත.

අනුර කුමාර දිසානායක රැකියා විරහිත උපාධිධාරීන් 33 000 කට ගුරු පත්වීම් දෙන බව සදහන් කර තිබුණ ද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, ගුරු පුරප්පාඩු 20 000 ක් පුරවන බව ය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection