Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ගසක් ඇඟ මතට වැටුණු අලියෙකු බේරාගන්නා බව දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්.

False
False

සමාජ මාධ්‍ය තුළ AI යොදාගනිමින් සිදු කරන වීඩියෝ සහ ඡායාරූප මේ වන විට නව සමාජ රැල්ලක් බවට පත් වී තිබේ.

by Anonymous |

අප්‍රේල් 9, 2025

සමාජය නොමඟ යවන මෙවැනි ආකාරයේ නිර්මාණ පිළිබඳව FactSeeker අවස්ථා කිහිපයකදීම  තොරතුරු අනාවරණය කළේ ය.

නමුත් විශාල ගසක් ඇඟ මතට කඩා වැටුණු අලියෙකු බේරාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ විශාල ලෙස හුවමාරු වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේ ය.

මෙම වීඩ්යෝව බැලූ බැල්මටම සාමාන්‍ය නොවන බව නිරීක්ෂණය කළ හැකි වුවද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින්ට මෙය සත්‍ය සිදුවීමක් ද නැතිනම් නිර්මාණය කරන ලද වීඩියෝවක් ද යන්න පිළිබඳව ව්‍යාකූල වී සිටින බව එම වීඩියෝවේ අදහස් පළ කිරීම් තීරයේ (Comment section)හි අදහස් නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි විය.

ඒ අනුව FactSeeker මේ පිළිබඳ ගැඹුරින් නිරීක්ෂණය කළ අතර එහිදී වීඩියෝවේ සිටින අලියා චලනය වන විට පාද පහක් ලෙස නිරූපණය වන අවස්ථා සහ මිනිසුන් චලනය වන විට ශරීර කොටස්වල අසාමාන්‍ය තත්ත්වයන් නිරූපණය වන ආකාරය දැකගත හැකි විය. එසේම අලියාගේ ඇඟට වැටී ඇති ගස මතට නැඟී සිටින පුද්ගලයින් එම ගස මත සෘජුවම සිටීම වැනි අසාමාන්‍ය දර්ශනයන් හේතුවෙන් මෙය ව්‍යාජ ලෙස සකසන ලද බවට ලක්ෂණ හඳුනාගත හැකි විය.

ඒ අනුව  FactSeeker මෙම වීඩියෝවේ අවස්ථා කිහිපයක ඡායාරූප Google Ditected AI හරහා පරීක්ෂා කළ විට ලැබූ ප්‍රතිඵල අනුව අදාළ වීඩියෝව 98% ක් ම  AI භාවිතයෙන් නිර්මාණය කර ඇති බව තහවුරු විය.

ඒ අනුව ගසක් ඇඟ මතට වැටුණු අලියෙකු බේරාගන්නා බව දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක් බවත් සත්‍ය සිදුවීමක් නොවන බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection