ගතවූ වසර හතර තුළ ලාංකිකයින් 32 69 258 ක් රට හැර යයි.
ඉකුත් 2020 වසරේ ජනවාරි මාසයේ සිට 2023 දෙසැම්බර් මාසය දක්වා ගත වූ වසර 4 තුළ ශ්‍රී ලාංකිකයින් 32 69 258 ක් විදේශ ගත වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව අනාවරණය කරයි.
by Anonymous |
මැයි 3, 2024
ඒ අනුව 2020 වසරේ ශ්‍රී ලාංකිකයින් 3 14 659 දෙනෙකු විදේශ ගත වී ඇති අතර 2021 වසරේදී 3 09 234 දෙනෙකු රට හැර ගොස් ඇත. 2022 වසරේදී එම සංඛ්‍යාව 12 07 758 ක් වන අතර 2023 වසරේදී එනම් පසුගිය වසරේදී 14 37 607 දෙනෙකු විදේශ ගත වී ඇත.
මහ බැංකු වාර්තාව අනුව මෙම 2020 වසරේ සිට 2023 දක්වා කාලය අතර වැඩිම සංඛ්‍යාවක් විදේශ ගත වී ඇත්තේ 2023 වසරේදී ය.