Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කොළඹ බලය පිහිටුවීම ගැන වජිර අබේවර්ධනගේ නමින් තවත් ව්‍යාජ ලිපියක්

False
False

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධව යන ශීර්ෂයෙන් යුතුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් නිකුත් කළ නිවේදනයක් බව දැක්වෙන ඡායාරූපයක් ඇතුළත් පෝස්ටු ගණනාවක් FactSeeker සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය කළේය.

by Anonymous |

ජූනි 18, 2025

මීට ඉහතදී ද එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂයෙන් වජිර අබේවර්ධනගේ නම යොදාගෙන හුවමාරු වූ නිවේදනයක් FactSeeker කරුණු පරීක්ෂා කොට ව්‍යාජ එකක් බව තහවුරු කළේය. මෙම ලිපියේ අන්තර්ගතය පරීක්ෂාවේදී පෙර හුවමාරු වූ ව්‍යාජ ලිපියේ ඇතුළත් කරුණු මෙයට ද සම්බන්ධ කර ඇති බව පෙනී ගිය බැවින් නව පෝස්ටුවල කරුණු පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

එම ලිපියේ අන්තර්ගතය මෙසේය.

“අද දින කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමත් වූ ජාතික ජන බලවේගයේ සාමාජික ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට උණුසුම් සුභ පැතුම් එක්කරමු. විශේෂයෙන්ම දින ගණනක් මුළුල්ලේ පැවැති සාකච්ඡාවලදී ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කිරීමට පක්ෂ ගණනාවක් එකඟ විය. මෙහි මූලිකත්වය සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සහ අප පක්ෂය විසින් දරන ලදී. කොළඹ පුරපති වශයෙන් රිසා සාරුක් පත් කිරීමට ඉහත පක්ෂ තුනෙහි සහ සෙසු කණ්ඩායම්වල සාමාජිකයන් එකඟ විය. ඊයේ රාත්‍රියේදී සර්වජන බලවේගය පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට සහය දීමට එකඟතාවය පළ කරන ලදී. කොළඹ මහ නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවීමට සියලු කටයුතු සුදානම් කර තිබියදී නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත හා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කිරීමේ දී ඒ සඳහා විපක්ෂයේ කණ්ඩායම ක්‍රියාත්මක වූ ආකාරය අඥානය. එමෙන්ම පෙර සාකච්ඡාවලදී එකඟතාවය පළ කරන ලද ඇතැම් කරුණු කාරණා පිළිබඳවද විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් තැකීමක් නොකළ බව පෙනෙන්නට තිබුණි. ඒ ඒ පක්ෂවල පවතින අභ්‍යන්තර ගැටලු වල උච්චතම අවස්ථාව මෙහිදී අපට දැක ගත හැකි විය. අප විසින් කොළඹ නගරාධිපතිවරයා වශයෙන් මූලික සාකච්ඡා වටවලදී සාගල කාරියවසම් මහතාගේ නම යෝජනා කළ ද එය ප්‍රතික්ෂේප කිරීමද කොළඹ බලය ගිලීමට බලපෑ ප්‍රධානතම හේතුවකි.

එක්සත් ජාතික පක්ෂය විසින් තවදුරටත් වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් සමග ඒකාබද්ධව ක්‍රියා නොකරන බවද, එසේ ක්‍රියා කිරීම පිළිබඳ පසුතැවීමක් ඇති බවද මෙයින් දැනුම් දෙමු.”

මෙහි නගරාධිපති ධුරයට යෝජනා කළ බව සඳහන් “සාගල කාරියවසම්” යන නම ද අපගේ අවධානයට යොමු විය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය මේ වන විට දරන්නේ “සාගල රත්නායක” ය. පෙර අවස්ථාවක හුවමාරු වූ ලිපිය එම යෝජනාව සම්බන්ධයෙන් වූවකි. එහි කරුණු පරීක්ෂාව මෙතැනින්. නමුත් “කාරියවසම්” යන පසු නම සහිත ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු ලෙස සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් “සාගර කාරියවසම්” ය.

කෙසේ වෙතත් මෙවැනි පුවතක් ප්‍රධාන ධාරාවේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ආසන්න දින කිහිපය තුළ වාර්තා කර නොමැති බව අපට තහවුරු විය.
එබැවින් එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන්ට අයත් නිල සමාජ මාධ්‍ය පිටුවල හෝ ගිණුම්වල මෙම නිවේදනය පළ කර ඇත්ද? යන්න සම්බන්ධයෙන් අපි පරීක්ෂා කළෙමු. එහිදී එවැනි නිවේදනයක් නිල වශයෙන් නිකුත් කර නොමැති බව තහවුරු විය.

එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව මගින් අප කරුණු පරීක්ෂා කළ පෝස්ටුවල ඇතුළත් වූ නිවේදනය ව්‍යාජ එකක් බවට දැනුවත් කර ඇති ආකාරය FactSeeker කරුණු පරීක්ෂාවේදී නිරීක්ෂණය කළේය. එය මෙතැනින්.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් ද සිය නිල ෆේස්බුක් පිටුව මගින් අදාළ නිවේදනය ව්‍යාජ බවට දැනුම් දී තිබේ. එය මෙතැනින්.

ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධව යන ශීර්ෂයෙන් යුතුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් නිකුත් කළ නිවේදනයක් ලෙස දැක්වෙන ඡායාරූප ව්‍යාජ බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection