Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

“කිසිම දේශපාලඥයෙකුට විහාරස්ථානයට ඇතුළුවීම තහනම්” දැන්වීම මොකක්ද?

False
False

“කිසිම දේශපාලඥයෙකුට විහාරස්ථානයට ඇතුළුවීම තහනම්” යනුවෙන් සඳහන් වන දැන්වීම් පුවරුවක් සමගි ජනබලවේගයේ සහ ජාතික ජන බලවේගයේ දේශපාලනඥයින් ඉලක්ක කර ගනිමින් ප්‍රචාරය වෙමින් පවතී.

by Anonymous |

ජූලි 10, 2024

එය සජබයේ “කිසිම දේශපාලඥයෙකුට විහාරස්ථානයට ඇතුළුවීම තහනම්” යනුවෙන් සහ මාලිමාවේ දේශපාලනඥයින් සහභාගී වන උත්සව රැස්වීම් සදහා විහාරස්ථානයට ආරාධනා කිරීමෙන් ද වළකින ලෙස විහාරාධිපති හිමියන් සියලුම දායක දායිකාවන්ට දන්වා සිටින බව සදහන් දැන්වීම පුවරු සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය. එම පෝස්ටුවල දක්වා තිබුණේ මෙම දැන්වීම් පුවරුව අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සවි කර අති බව යි.

එබැවින් මෙම දැන්වීම කුමක්ද? යන්න පිළිබදව factseeker සොයා බැලීය.

පළමුව රුවන්වැලි සෑය අසල මෙවැනි ප්‍රකාශයත් සහිත පුවරුවක් සකස් කර ඇති දැයි එම ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගෙන් සහ රුවන්වැලි සෑ විහාරවාසී හිමිවරුන්ගෙන් විමසීමක් කළෙමු. එහිදී අනාවරණය වූයේ එවැනි දැන්වීඹ් පුවරුවක් රුවන්වැලි මහ සෑය අසල ප්‍රදර්ශනය කර නොමැති බවයි.

පසුව මෙම දැන්වීම පිළිබද සොයා බැලීමේදී අනාවරණය වූයේ, ගම්පහ ඇඹරලුව ප්‍රදේශයේ ඇති සුදර්ශනාරමය විහාරස්ථානය මෙවැනි දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇති බවයි.

මෙම දැන්වීමේ ඡායාරූපයක් X පිටුව හරහා එම ප්‍රදේශයේ පුදගලයෙක් විසින් නිකුත් කර ඇත.

මාලිමාව සහ සජබය යන දේශපාලන පක්ෂ ලෙස නම් කරමින් හුවමාරු වන්නේ, එම ඡායාරූපය සංස්කරණය කර බව මෙහිදී අනාවරණය විය.

“2022 මැයි මස 08 දින X අවකාශයට යොමුකර ඇති එම පණිඩුඩය මෙසේය,

මාස ගානක් කන්නලව් කරලත් ගම්පහ ප්‍ර.සභාවෙන්,RDA එකෙන් හදාගන්න බැරි උන පාර: ගමේ අපි, හාමුදුරුවෝ එකතු වෙලා අද හදාගත්තා. ටිකක් හරි යන්න පුළුවන් ගානට. ඔයාලට අපිව ඕනේ වෙද්දි හිනා මූණු පෙන්නන් ඡන්දේ ඉල්ලන්න ගමට, අපේ ගෙවල් ගානේ එන්න එපා.වරිපනම් හොයන්න එන්නත් එපා.”

“කිසිම දේශපාලඥයෙකුට විහාරස්ථානයට ඇතුළුවීම තහනම්”  යනුවෙන් රැවන්වැලි සෑය අසල පුවරුවක් ප්‍රදර්ශනය කර නොමැති බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection