Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

කැලිෆෝනියා ලැව්ගින්නෙන් ඉතිරි වූ නිවසක් නෙවෙයි.

Misleading
Misleading

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වූ ගින්න ලොව පුරා කතා බහට ලක් විය.මේ සම්බන්ධයෙන් සත්‍ය මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති ද සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.

by Anonymous |

ජනවාරි 20, 2025

මේ අතර කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලිස් ප්‍රාන්‍තයේ ඇති වූ ගින්නෙන් ඉතිරි වූ නිවසක් බවට  සඳහන් කරමින් ගින්නකින් පිළිස්සී ගිය  නිවසක ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් සංසරණය වන ආකාරය FactSeeker හඳුනා ගැනුණි.

ඇතැම් පෝස්ට්වල සඳහන් වූයේ එම නිවසේ හිමිකරු ධාර්මික පුද්ගලයෙකු නිසා එම අනතුරින්  ඔහුගේ නිවස ආරක්ෂා වී ඇති බව යි.

 

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී එය  හවායි හි ලහයිනා ප්‍රදේශයේ සිදුවීමක් බව සොයා ගැනීමට හැකි විය. ඒ අනුව 2023 වර්ෂයේ අගෝස්තු මස 10වන දින CBS ප්‍රවෘත්ති වෙබ් අඩවියේ මේ පිළිබඳව පළ වී තිබූ පුවත අනුව මෙම ඡායාරූප කැලිෆෝනියාවේ ලැව් ගින්න හා සම්බන්ධ නොවන බව තහවුරු කර ගැනීමට හැකි විය.

CBS අඩවියේ පළ වූ පුවත මෙතැනින්:

https://www.cbsnews.com/news/lahaina-wildfire-see-the-nearly-100-year-old-miracle-house-that-survived/

මීට අමතරව ඕනෑම පුද්ගලයෙකුට ඡායාරූප සෙවීමට, බාගත කිරීමට අයිතිය මිලදී ගැනීමට භාවිතා කරන වාණිජ වෙබ් අඩවියක් වන ගෙටී ඉමේජ් සමාගමට අයත් getty Image වෙබ් අඩවියෙන් මෙම ඡායාරූපය උපුටා ගෙන තිබිණි. එම ඡායාරූපය Patrick T. Fallon ‌ගේ කැමරා කාචයට හසු වී තිබෙන බව තහවුරු කර ගැනීමට හැකි විය.

ඒ අනුව කැලිෆෝනියා ලැව්ගින්නෙන් ඉතිරි වූ නිවස ලෙස දක්වමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූප පිළිබඳ පුවත් නොමඟයවනසුළු ඒවා බවත්, එය 2023 වසරේ හවායි හි සිදු වූ ලැව් ගින්නක් හා සම්බන්ධ ඒවා බවත්  FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection