Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කාදිනල් හිමිගේ නම ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට වතිකානුව තීරණය කර නැහැ

False
False

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මේ වන විට වතිකානුව බලා පිටත්ව ගොස් ඇත. එවැනි පසුබිමක මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නම ඉදිරි කටයුතුවලදී නොසලකා හැරීමට වතිකානුව තීරණය කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය හරහා පෝස්ටුවක් සංසරණය වන බව Factseeker හට නිරීක්ෂණය විය.

by Anonymous |

අප්‍රේල් 24, 2025

මෙය එසැණ වෙබ් අඩවියේ ආකෘතියට අනුව ඉදිරිපත් කර තිබූ අතර කාදිනල්වරයෙකුට නොගැලපෙන ලෙස දේශපාලනයේ යෙදීම නිසා මෙම තීරණය ගෙන ඇති බව එහි දක්වා තිබිණි.

ඒ අනුව යමින් එසැණ වෙබ් අඩවියේ එවැනි පුවතක් තිබුණේද යන්න පිළිබඳව සොයාබැලූ අතර එවැනි පුවතක් එහි ඇතුළත් කර නොතිබුණි. නමුත් සංසරණය වන පෝස්ටුවේ ඡායාරූපයට සමාන ඡායාරූපයෙන්ම මැල්කම් රංජිත් හිමියන් වතිකානුව බල පිටත්ව ගිය පුවත එසැණ හරහා ඉදිරිපත් කොට තිබුණි.

කෙසේ වෙතත් මෙහි සත්‍යාසත්‍යතාව පිළිබඳව ජාතික කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරන ජූඩ් ප්‍රියන්ත පියතුමාගෙන් විමසීය. එහිදී ඔහු සඳහන් කළේ එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව මෙම පෝස්ටුව එසැණ වෙබ් පිටුවේ ආකෘතියට සකසන ලද ව්‍යාජ පෝස්ටුවක් බවත් එම පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් Factseeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection