Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

False
False

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් නවතන ලෙස ඉල්ලමින් ඊශ්‍රායල ධජය රැගත් පුද්ගලයින් උද්ඝෝෂණයක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝව කෘත්‍රීම බුද්ධිය (AI) යොදාගනිමින් නිර්මාණය කරන ලද්දක් බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූනි 20, 2025

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් ඉතාමත් උණුසුම් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන මොහොතක, එම ගැටුම් නවත්වන ලෙස ඉල්ලමින් ඊශ්‍රායල ධජය රැගත් විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වෙයි.

මෙම වීඩියෝව සූක්ෂමව පරීක්ෂා කළ විට එහි සිටින මිනිසුන්ගේ අවයව විකෘති වී යාම, එක් එක් ස්ථානවල සිටින මිනිසුන් ඇතැම් විට අතුරුදහන් වී යාම වැනි ලක්ෂණ දැකගත හැකි විය. මෙම වීඩියෝවේ එක් ස්ථානයක නිල් පැහැ කමිසයක් ඇද සිටින පුද්ගලයාගේ අතට එක්වරම කොඩියක් මතුවන ආකාරය ද අපට නිරීක්ෂණය කළ හැකි විය.

අදාළ වීඩියෝව සත්‍ය වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීමට අපි කරුණු පරීක්ෂා කළෙමු.

මෙය රූප මූලාශ්‍ර සෙවුම් (Reverse Image Search) මෙවලම් හරහා පරීක්ෂා කළ විට ලෝකයේ විවිධ භාෂා ගණනාවකින් වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව දක්නට ලැබුණි. එසේම Pakistan Defence Forum නම් වෙබ් අඩවිය හරහා 2024 වර්ෂයේ මෙම වීඩියෝව AI නිර්මාණයක් බවට තහවුරු කරන ලද විස්තරයක් ද අපට හමු විය.

ඒ අනුව, මෙම වීඩියෝව 2025 වර්ෂයේ ඊශ්‍රායලය හා ඉරානය අතර යුධ ගැටුම් හා සම්බන්ධ වීඩියෝවක් නොවන බවට කරුණු තහවුරු කරගත හැකි විය.

අදාළ වීඩියෝවෙන් ලබාගත් ඡායාරූප අප Decopy AI වෙබ් අඩවිය හරහා පරීක්ෂා කළ අතර එමගින් ලැබූ ප්‍රතිඵල අනුව එය කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද බවට 96%කට වඩා වැඩි ප්‍රතිශතයකින් තහවුරු විය.

 

මේ අනුව ඊශ්‍රායලය – ඉරානය අතර යුද ගැටුම් නවතන ලෙස ඉල්ලමින් ඊශ්‍රායල ධජය රැගත් පුද්ගලයින් උද්ඝෝෂණයක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝව කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් නිර්මාණය කරන ලද්දක් බව FactSeeker තහවුරු කරයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection