Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඊශ්‍රායලයට සහය පළ කරන රැළියක් මඩකලපුවේ පවත්වා නෑ.

Misleading
Misleading

ඊශ්‍රායලයට සහය පළ කරන රැළියක් පසුගියදා මඩකලපුව නගරයේදී පැවැත්වූ බව පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් හුවමාරු වී තිබිණි.

by Anonymous |

අප්‍රේල් 18, 2025

මෙම රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්මන් රජය මෑතකදී මෙය සංවිධානය කළ බවත්, ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබා දුන් බවත් කියමින් මෙම වීඩියෝව ප‍්‍රචාරය කර ඇති බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

මෙම වීඩියෝවේ දක්වා තිබුණේ, “මුස්ලිම් ජනගහනය වැඩි මඩකලපුව නගරයේදී  ඊශ්‍රායලයට සහය පළ කරන විශාල රැළියක් පවත්වා තිබේ. අනුර රජය මෙවැනි රැළියකට අවසර ලබාදීමෙන් හා පොලිස් ආරක්ෂාවද සපයමින් මෙරට මුස්ලිම් ජනතාවට යවන පණිවිඩය කුමක්ද? මුස්ලිම් ජනතාව දැන් තේරුම් ගනියිද? අවදි වෙයිද?” යනුවෙනි.

මෙම වීඩියෝව මෙතැනින් – https://web.facebook.com/watch/?mibextid=wwXIfr&v=1253131142673116

මෙම වීඩියෝව කුමක්ද? යන්න පිළිබඳව FactSeeker සොයා බැලී ය

මෙම වීඩියෝව වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමේදී මෙම රැළියේ ඊශ්‍රායල් ජාතික කොඩිය රැගෙන සිටින පුද්ගලයින් දැකිය හැකි අතර එය ශ්‍රී ලංකාවේ පැවැත්වුණු රැළියක් බව පෙනේ.

නමුත් FactSeeker විසින් පරීක්ෂා කළ විට මෙය මෑතකදී සිදු වූවක් නොව, 2015 මැයි මාසයේදී, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී සිදු වූවක් බව Google reverse image search හරහා කළ සොයා බැලීමේදී හෙළි විය.

එම වීඩියෝව මෙතැනින් – https://www.youtube.com/watch?v=n26JX4PKoSA

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජයේ සහයෝගය හෝ ආරක්ෂාව ඇතිව මඩකලපුවේදී ඊශ්‍රායල හිතවාදී රැළියක් මෑතකදී පැවැත්වූ බවට කරන ප්‍රකාශය අසත්‍යය බව FactSeeker තහවුරු කරයි.

හුවමාරු වන මෙම වීඩියෝව 2015 සිට දශකයකට ආසන්න කාලයක් පැරණි වන අතර, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මහජනතාව නොමග යැවීම සඳහා  සමාජ මාධ්‍යවල අනිසි ලෙස භාවිතා කරන බව ද FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

මිද්දෙණියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ

ජූලි 9, 2025

ටිල්වින් සිල්වා ආණ්ඩුව විවේචනය කරන වීඩියෝවක් ද?

ජූලි 4, 2025

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection