Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ඊබ්‍රාහිම් ට්‍රාඕරේගේ වීඩියෝව ව්‍යාජයි

False
False

මේ දිනවල ලොව පුරා විශේෂ අවධානයක් දිනාගත් බුර්කිනා ෆාසෝහි රාජ්‍ය නායකයා වන කපිතාන් ඊබ්‍රාහිම් ට්‍රාඕරේ විසින් සිදු කළ බව කියන කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය. සිංහල උපසිරැසි සහිතව පළ කර තිබූ එම කතාවේදී ශ්‍රී ලංකාව පිළිබඳව ද ඔහු සඳහන් කරයි.

by Anonymous |

ජූනි 6, 2025

එම වීඩියෝවේ කථිකයාගේ අංගචලන සමීපව නිරීක්ෂණය කිරීමේදී එහි අංගචලනවල සහ කථා විලාසයේ සැක සහිත බව අපගේ අවධානයට යොමු විය. ඔහුගේ දේශනවල සත්‍ය වීඩියෝ පරීක්ෂා කිරීමේදී අපගේ උපකල්පනය වඩාත් තහවුරු විය.

මෙම වීඩියෝව ෆේස්බුක් පිටු සහ ගිණුම් කිහිපයකින් පළ කර තිබූ අතර ඇතැමුන් මෙය කෘත්‍රීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ වීඩියෝවක් බවට දක්වා තිබූ අදහස් (comments) මගින් මෙන්ම හුවමාරු කර ගෙන තිබූ පෝස්ටු මගින් ද ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව මෙහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

මෙම වීඩියෝවට අදාළ මුල් වීඩියෝව විමර්ශනය කිරීමේදී Univers Inspirant නාලිකාව මගින් 2025.05.25 දින මිනිත්තු 25 තත්පර 45 ක ඉංග්‍රීසි උපසිරැසි සහිතව පළ කළ වීඩියෝව අපට හමු විය. එම වීඩියෝව මෙතැනින්.

අප කරුණු විමර්ශනය කරන විට එම වීඩියෝවේ දර්ශනවාර සංඛ්‍යාව 128,000 ඉක්මවා තිබිණි.

එම වීඩියෝවට අදාළ විස්තරය(description) පිරික්සීමේදී “IMPORTANT NOTICE” යනුවෙන් පහත සටහන දක්වා තිබිණි. (සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.)

“වැදගත් දැනුම්දීම: මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම විනෝදාස්වාදය සඳහා පමණක් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ අන්තර්ගතයකි. අන්තර්ගතය සැබෑ සිදුවීම් වලින් ආභාෂය ලබා ගත හැකි වුවද, නිරූපණය කර ඇති සියලුම අවස්ථා, සංවාද සහ චරිත ප්‍රබන්ධ වේ. ඉබ්‍රාහිම් ට්‍රෝරේගේ ජීවිතයෙන් ආභාෂය ලබා ඇතත්, පෙන්වන සිදුවීම් සහ සංවාද සැබෑ නොවන අතර කලාත්මක නිර්මාණ ක්‍රියාවලියක කොටසකි. කිසිදු සැබෑ පුද්ගලයෙකුට හෝ ආයතනයකට සෘජු සම්බන්ධයක් අදහස් නොකෙරේ. මෙම වීඩියෝව දේශපාලන පණිවිඩයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරන නමුත් විනෝදාස්වාදය සහ කලාත්මක ප්‍රකාශනය සඳහා පමණක් සකස් කර ඇත. මෙම විෂය පිළිබඳව තමන්ගේම පර්යේෂණ සිදු කිරීමට නරඹන්නන්ට උපදෙස් දෙනු ලැබේ.”

බොහෝ දෙනෙකු සත්‍ය කථාවක් ලෙස හුවමාරු කර ගත්ත ද එය ප්‍රබන්ධමය ප්‍රතිනිර්මාණයක් බව ප්‍රකාශකයා විසින්ම හෙළි කර ඇති බව අපට එහිදී තහවුරු විය.

එම ස්වයං ප්‍රකාශය අනුව එම වීඩියෝව ආරම්භයේදී “විකෘති කළ හෝ වෙනස් කළ අන්තර්ගතය” ලෙස කෙටි දැනුම්දීමක් (flag) වීඩියෝව මත ප්‍රදර්ශනය කරන බව ද, එය වීඩියෝවේ විස්තරය තුළ සඳහන් කර ඇති බව ද නිරීක්ෂණය විය.

 

ඒ අනුව, බුර්කිනා ෆාසෝහි ජනාධිපති කපිතාන් ඊබ්‍රාහිම් ට්‍රාඕරේ විසින් සිදු කළ කථාවක් බව දක්වමින් සිංහල උපසිරැසි සහිතව හුවමාරු වන වීඩියෝව කෘත්‍රීමව සකස් කළ වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection