Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

False
False

ඉරානයේදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු B-2 Spirit ලෙස යානා දක්වමින් හුවමාරු වන ඡායාරූප කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ ඡායාරූප බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූනි 24, 2025

ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මරමස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළ අමෙරිකානු B2 රහසිගත බෝම්බ හෙලන යානාවලින් (Stealth Bombers) එකක් ඉරානය විසින් බිම හෙලූ බව දැක්වෙන ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. අන්තර්ජාතික වශයෙන් බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කර ඇත.

මෙම ඡායාරූප හා ඒ හා සම්බන්ධ සමාජ මාධ්‍ය වාර්තාවල සත්‍යතාව පිළිබඳව Factseeker විසින් විමර්ශනය කරන ලදී. එහිදී එම ඡායාරූපවල බොහෝ විෂමතා සහිත බව නිරීක්ෂණය විය. විශේෂයෙන්, වෙඩි තබා බිම හෙලූ බව කියන ගුවන් යානාව සහ අමෙරිකානු B-2 Spirit යානාවක් සමාන ලෙස පෙනුණද, එහි ඇතැම් දේවල් වෙනස්ය.

එය තහවුරු කරන සංසන්දනයක් පහතින්.

එමෙන්ම, අනෙක් රූපයේ ද, ගුවන් යානාව නියමුවන්ට වඩා කුඩා බව අපට නිරීක්ෂණය කළ හැකි විය. එබැවින් මේවා කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද ඡායාරූප ද යන්න පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

මෙම ඡායාරූප කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇත්දැයි විශ්ලේෂණය කිරීමට කෘත්‍රිම බුද්ධි අනාවරක මෙවලම් (AI detector tools) භාවිතා කළ විට, එම ඡායාරූප එහි අන්තර්ගතයෙන් 70% ක්ම කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති බව තහවුරු විය.

ඒ සමගම, ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මරමස්ථාන තුනට ගුවන් ප්‍රහාර එල්ල කළ අමෙරිකානු B-2 Spirit යානා, ප්‍රහාරයෙන් පසු මිසූරිහි වයිට්මන් ගුවන් හමුදා කඳවුරට ආරක්ෂිතව ආපසු පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් එක්සත් ජනපදය බෙදාගෙන තිබේ. එහි සබැඳි මෙතැනින් සහ මෙතැනින්.

තවද, යානාව බිම හෙලූ බවට ඉරානය විසින් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

ඒ අනුව, ඉරානයේදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු B-2 Spirit ලෙස යානා දක්වමින් හුවමාරු වන ඡායාරූප කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ ඡායාරූප බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection